සිහි නැති කර දැරියක් දූෂණය කල තරුණයා මාට්ටු


බාල වයස්කාර දැරියක් රවටා‍ගෙන ‍ගොස් සිහි නැති වීමට බීමක් ලබාදී ඇය දූෂණය කළ බවට ගල්කිස්ස ‍පොලීසිය විසින් අත්අඩංගුවට ‍ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු ගල්කිස්ස අ‍ති‍රේක
ම‍හෙස්ත්‍රාත් ධම්මික බණ්ඩාර ඉලංගසිංහ මහතා යළි ලබන 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක‍ළේය, උදිත ඉෂාන් පණ්ඩිතරත්න නැමැති සැකකරු ‍මෙ‍සේ යළි රක්ෂිත බන්ධනාගාර ගත ‍කෙ‍රිණි, සැකකරු විසින් දූෂණය කුරනු ලැබූ දැරියව රවටා‍ගෙන මිතුරකු‍ගේ නි‍වෙසට රැ‍ගෙන ‍ගොස් ඇයට එහිදී බීමට පැණි බීමක් ලබාදී ඇත, එම බීම පානය කිරී‍මෙන් අනතුරුව ඇය සිහිසුන්ව සිට ඇති අතර එම අවස්ථා‍වේ සැකකරු ඇයව දූෂණය කර ඇති බව පැමිණිල්ලේ සදහන්ව තිබිණි, සැකකරු ගල්කිස්ස  ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථා‍වේ

‍පොලීසිය කරුණු දක්වමින් කියා සිටි‍යේ සිද්ධි‍ය සම්බන්ධ‍යෙන් විමර්ශන කටයුතු අවසන් ‍‍නොමැති බවත්, ‍වෛද්‍ය වාර්තා ‍මෙ‍තෙක් ලැබී ‍නොමැති බවත්ය, අනතුරුව ම‍හෙස්ත්‍රාත්වරයා සැකකරු යළි 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ‍කෙරිණි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment