
මීගමුවේ සිට දිවුලපිටිය හරහා මීරිගමට දිවෙන ශ්‍රී ලංගම බස්රථයක් දිවුලපිටිය නගරයට පැමිණියේය.
බසයේ මගීන් කිහිප දෙනකු දිවුලපිටිය නගරයෙන් බැසගත් අතර මීරිගම දෙසට යන මගීන් කිහිප දෙනකු බසයට ගොඩනැගුණි.
බසය දිවුලපිටිය පසුකර බාඳුරාගොඩ මංසන්ධියට යද්දී මගියකු කොන්දොස්තර කෝ යි ඇසීය.
ඔහු බසයේ නැත.
එවිට බසයේ රියැදුරුට කොන්දොස්තර දුරකථන පණිවුඩයක් දුන්නේය.
”මචං මම දිවුලපිටියෙදී බිමට බැස්සා. උඹ බස්එක ඇදල ආවා. මම තී‍්‍රවීල් එකක් අරගෙන පස්සෙන් එනවා. නැවතිලා හිටපං”
බසය බාඳුරාගොඩ හන්දියේ නවතාගෙන සිටියදී කොන්දොස්තර තී‍්‍රවීලයේ පැමිණ බසයට නැගුණේ මගීන් සිනාසෙද්දීය.
0 comments:
Post a Comment