සල්ලි ඉස්සූ හොරා තව පන්දාහක් ඉල්ලා ඇමතුමක් දීලා


කොළඹ අවට ආයතනයක සේවිකාවකගේ මුදල් පසුම්බියක් නැතිව තිබුණේ ඇය රාජකාරි ස්ථානයට පැමිණෙන අතරතුරදීය. කාර්යාලයට පැමිණ බොහෝ වෙලාවක් ගිය පසු සිය මුදල් පසුම්බිය නැති බව දැනගත් එම කාන්තාව සිය මිතුරියන්ට ද ඒ බව පවසා ආයතනයේ ප‍්‍රධානියාට ද දැන්වීය. මුදල් හා වටිනා ලියකියවිලි සියල්ලක්ම මුදල් පසුම්බියේ වූ නිසා මිතුරියන්ගේ
උපදෙස් පරිදි පැමිණිල්ලක් කිරීමට පොලිසියට යෑමට සැරසුණා පමණි. ඇගේ ජංගම දුරකතනය නාද විය.

”හලෝ... මිස් මං කතා කරන්නේ පර්ස් එක අරගත්ත  හොරා. මට තව රුපියල් පන්දාහක්  ඕනෑවෙලා තියෙනවා. මිස්ගේ ඒටීඑම් කාඞ් එකේ අංකය කියන්න පුළුවන්ද?”

නාඳුනන අංකයකින් පැමිණි ඇමතුම ඇසුණු විට ඇයට තරු පෙණිනි. ඒ මොහොතේ කිසිවකුත් කර කියා ගත නොහැකි වූ ඇය සොරාට පැවසුයේ එය තමාගේ ඒටීඑම් කාඞ් පතක් නොවන බවයි.

එය ඇසූ සොරා කීවේ තමාට රුපියල් පන්දහසක් ලබා දෙනවා නම් පමණක් කාර්යාලයට මුදල් පසුම්බිය ලැබෙන්නට සලස්වන බවයි.

සිය කාර්යාලයේ මිතුරන් හා ප‍්‍රධානීන් හා එක්ව කුමක් කරන්නේ දැයි සාකච්ඡුා කර අනතුරුව නැවත හොරාගෙන් ලැබුණූ ඇමැතුමකට ඇය පිළිතුරු දුන්නේ සල්ලි ලබාදෙන බවත් මුදල් පසුම්බිය රැුගෙන කාර්යාලයේ ආරක්ෂක අංශයේ තබන ලෙසත්ය.

කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි පසු දින උදෑසන ඇයට ලැබුණු ඇමතුමින් කියැවුණේ මුදල් පසුම්බිය රැුගෙන හොරා කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිටිනා බවයි. සොරා ඔහුගේ බිරිය සහ දරුවා සමග එහි පැමිණ සිටියේය.

සිය මිතුරන් ලවා සොරා සිය ආරක්ෂක අංශ වෙත කැඳවා තොරතුරු විමසීමේදී සොරා පවසා ඇත්තේ අසනීපයකට බෙහෙත් ලබා ගැනීමට ඇති බැවින් මුදල් අවශ්‍ය බවයි. මෙවැනි සොරකමක් කළත් පසුව සොරා ගැන අනුකම්පා සිතූ එම නිලධාරීන් ඔහුට වියදමට ද අතට මුදලක් දී ඔහුට අවවාද කර පිටත් කර හැරියාලූ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment