මුණුපුරාගේ උපන් දිනයට ආ මිය ගිය සීයා

06_PAGE_10_T
”අපේ පොඩි පුතාගේ බර්ත් ඬේ එක පහුගිය සතියේ ගත්තා. බර්ත් ඬේ පාටිය වීඩියෝ කළා. බර්ත් ඬේ කේක් එක කපද්දී සුදු පාට ඇඳ ගත්තු කෙනෙක් කේක් කන දිහා  කාමරයකට වෙලා බලාගෙන ඉන්නවා වීඩියෝ එකේ තියෙනවා. මේ වගේ සුදු ඇඳ ගත්තු කෙනෙක් අපේ පුතාගේ මේ බර්ත් ඬේ පාටියට ආවේ නැහැ. මේ වීඩියෝ එකේ ඉන්නේ කවුද කියා අපිට හිතා ගන්නවත් බැහැ.”


පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියකු දුරකතනයෙන් කතා කර මා සමග මේ විස්තරය කිය කියා සිටියේ ගෙදර අද්භූත දේවල් ද සිදු වන බව පවසමින්ය.

වීඩියෝ පටයේ ඉන්නා අය සුදු හැඳගත් අද්භූත පුද්ගලයා ගැන හා නිවසේ සිදු වන අද්භූත සිදු වීම් ගැන වෛද්‍ය ජනක ජයසූරිය මහතා ද සමග පැමිණ සොයා බලන ලෙස ඔහු ඉල්ලීමක් ද කර සිටියේය.

මහනුවර මහ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ද සමග පසුගිය බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ ගියේ ඔහු කියා සිටි කරුණු ගැන ගවේෂණය කර මේ කියන කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීමටය.

අද්භූත දේවල් සිදු වනවා යැයි කියන මේ නිවස පිහිටා ඇත්තේ කොළඹට නුදුරු ප‍්‍රදේශයකය.

සිය ගවේෂණය වෛද්‍ය ජනක ජයසූරිය මහතා ආරම්භ කළේ අද්භූත පුද්ගලයෙකුගේ රුවක් දිස්වෙන වීඩියෝ පටය එක් වරක් නොව කිහිප වරක් වඩාත් සැලකිල්ලෙන් නරඹමිනි.

විධායක නිලධාරියාගේ පොඩි පුතාගේ බර්ත් ඬේ කේක් එක එදා රෑ කපා ඇත්තේ සාලයේ වන අතර සුදු හැඳගත් මිනිස් රුවකට සමාන යැයි බැලූ බැල්මට පෙනී යන අය සිටින්නේ සාලයත් එක්කම තිබෙන කාමරයේය.

අද්භූත අයෙකු සිටියා යැයි ගෙදර අය විශ්වාස කරන කාමරය ද වෛද්‍යවරයාගේ පරීක්ෂාවට ලක් විය.

ඒ කාමරයේ තිබෙන කණ්්ණාඩි මේසය ආසන්නයේ ගෙදර අය අද්භූත රුවක් ලෙස සලකන පුද්ගලයාගේ රුව දිස්වේ.

පවුලේ කිට්ටුම ඥාතීන් මේ බර්ත් ඬේ පාටියට ආරාධනා ලැබ පැමිණ සිට ඇත.

06_PAGE_10බර්ත් ඬේ පාටිය රෑ බෝ වන තෙක් පැවැති අතර පොඩි පුතාගේ බර්ත් ඬේ පාටියේ වීඩියෝ දර්ශන ඊට පසු දින විධායක ශ්‍රේණියේ නිලධාරියා නරඹමින් සිටිය දී මේ අද්භූත රුව දැක විශ්මයට පත්ව ඒ බව බිරියට දැනුම් දී ඇත.

 බිරිය ද මේ අද්භූත රුව දැක බියට පත් වූවාය.

මේ සියලූ තොරතුරු නිවසේ හිමිකරු වන විධායක ශ්‍රේණියේ නිලධාරියා අප සමග කීය.

කෙසේ වෙතත් නිවසේ හිමිකරු නම් මෙය භූතයකුගේ රූපයක් කියා මුල සිටම විශ්වාස කර තිබුණේ නැත.

මෙම නිවසේ ජීවත්වූ පවුලේ සමීපතම ඥාතීන් තිදෙනෙක් වසර කිහිපයක සිට මිය ගොස් ඇත. ඒ අතර ඔවුන්ගේ සීයා කෙනෙක් ද සිටින බව නිවසේ හිමිකරුගේ බිරිය අප සමග පැවසුවාය.

මිය ගිය සීයාගේ අවතාරය පුතාගේ බර්ත් ඬේ පාටිය දවසේ ගෙදරට එන්නට ඇතැයි විශ්වාස කරන බව ඇය පමණක් නොව ඇයගේ නැන්දා ද පැවැසුවාය.
වෛද්‍යවරයා: ඇයි ඔබ එහෙම විශ්වාස කරන්නේ?

කාන්තාව: අප පදිංචි වෙලා ඉන්න මේ ගෙදර කාලයක ඉඳලා අමුතු අමුතු ශබ්ද ඇසෙනවා. උන්නු ගමන් වතුර කරාමවලින් වතුර ගලා ගෙන යන හඬ අපූරුවට ඇහෙනවා. මම ඉක්මනට ගිහින් බලද්දී වතුර ටැප් ඇරලා නැහැ. වතුර ගලා ගෙන ගිහින් නැහැ. ඒකයි මට තියෙන පුදුමය.වෛද්‍යවරයා: වෙන මොන වගේ දේවල් ද ගෙයි ඇතුළේ වෙන්නේ?

කාන්තාව: මම සාලයේ හෝ ගෙයි වෙනත් තැනක හෝ ඉන්න වෙලාවට කුස්සියේ තියෙන බඩු මුට්ටු පෙරළෙන හඬ ඇහෙනවා. මම දුවගෙන ගිහින් බලන කොට කුස්සියේ තිබුණ කිසිම බඩු මුට්ටුවක් පෙරළිල නැහැ. තිබුණ තැන්වලම තියෙනවා.

කුස්සියේ ඉඳලා නාන කාමරයට කවුදෝ කෙනෙක් එහාට මෙහාට ගමන් කරන අඩි ශබ්දය පවා ඇසෙනවා. ඒත් ඇවිද්ද කෙනා පෙනෙන්නේ නැහැ.
?ට විතරක් නෙමේ දවල් කාලයටත් වතුර ටැප් අරින බඩු මුට්ටු පෙරළන හඬ විතරක් නොවේ කවුදෝ කෙනෙක් ගේ ඇතුළේ ඇවිදින හඬ ඇසෙනා බව විධායක නිලධාරියාගේ බිරිය කියා සිටියේ වෛද්‍යවරයාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මටත් කරාම ඇරිලා වතුර ගලා යන හඬ, කුස්සියේ බඩු මුට්ටු පෙරළන හඬ, කවුරු හරි කෙනෙක් ඇවිදින හඬ ඇහෙනවා. ඒ වෙලාවට මම දුවට ඒ ගැන කියනවා. දුව ගිහින් විපරම් කර බලා ඇවිත් එහෙම දෙයක් නෑ අම්මේ කියා කියනවා යැයි නිවසේ ජීවත් වන අවුරුදු 70ක් පමණ වයසේ පසු වන මාතාව අප සමග කීවාය.

මෙන්න මේ කියන කරුණු කාරණා මත පුතාගේ උපන් දිනය සැමරූ දවසේ රෑ ආවේ මිය ගිය පරාණකාරයෙක් බව මෙම කාන්තාවන් දෙදෙනා සැකකර ඇත.

දේවාලයක කපුවෙක් පවසා ඇති කතාවක් මේ සැකය තවත් තහවුරු කිරීමට බෙහෙවින් බලපා තිබේ.

මා දේවාලයකට ගියා මේ විදිහට වෙන්නේ මොක ද කියා අහගන්න. දේවාලයේ කපුවා කිව්වේ මිය ගිය පවුලේ සමීපතම ඥාති කාන්තාවකගේ භූත ආත්මය මේ විදිහට ගෙදරට ඇවිත් හොල්මන් කරනවා කියා. හැබැයි කපුවා නම් කිව්වේ ගෙදර ඉඳලා මියැදුණු කෙනෙක් නෙමේ කියලයි. අපේ පවුලේ ළඟම ඥාති කාන්තාවක් කැලණිය පැත්තේ හිටියා. එයා ඥාතිකමට මට සහෝදරියක් වෙනවා. එයා අපේ පවුලට හරිම ආදරයෙන් හිටියේ. අවුරුදු පහකට හයකට විතර කලින් ඒ සහෝදරිය මිය ගියා යැයි 70 හැවිරිදි මාතාව තව දුරටත් අප සමග පැවසුවාය.

මට නම් කවදාවත් බිරියයි නැන්දයි කියන ශබ්ද ගෙදරින් ඇහිලා නැහැ. ටැප්වලින් වතුර ගලා යන හඬ, අඩි ශබ්ද තියා බඩු මුට්ටු පෙරළන හඬවල් කිසිම දාක ඇහිලා නැහැ. භූතයෝ හෝ අවතාර හෝ දැකලත් නැහැ. සමහර දවස්වලට වැඩ ඇරිලා මම ගෙදර එද්දී රෑ 12.00ත් පහු වෙලා. බිරියයි නැන්දයි තමා මේ වගේ කතා කියන්නේ. ඒ දෙන්නයි මගේ දරුවෝ දෙන්නයි විතරයි ගෙදර ඉන්නේ යැයි පැවසුවේ නිවසේ හිමිකරු වන විධායක ශ්‍රේණියේ නිලධාරියාය.

පැය දෙකකට වඩා වැඩි කාලයක් අප ඒ නිවසේ ගත කළත් කිසිම අද්භූත යැයි කියා ගන්නා දෙයක් සිදු නොවීය.

සුදු ඇඳගත් අයෙක් උපන් දින සාදයට නොපැමිණි බව අඹු-සැමි යුවළ හා ඔවුන්ගේ නැන්දා පුන පුනා කියා සිටියත් මෙවැනි අද්භූත රුවක් වීඩියෝ පටයේ රූගත වීමට හේතු සොයා ගැනීමට වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඔවුන්ගෙන් තව දුරටත් ප‍්‍රශ්න කළේය.මේ ප‍්‍රශ්න කිරීම්වල දී මෙන්ම වෛද්‍ය ජනක ජයසූරිය මහතා විසින් සිදු කරන ලද ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම්  කිහිපයකින් පසු මෙවැනි භූත රූපයක් වීඩියෝ පටයේ දිස් වීමට හේතුවූ සාධකයක් සොයා ගත්තේය.

වෛද්‍යවරයා සොයාගත් ඒ සාධකය ගැන විග‍්‍රහයක් කර මෙවැනි අද්භූත රුවක් වැටුණු ආකාරය ගෙදර උදවියට අප ඔවුන්ගේ ඇස් පනාපිටම පෙන්වා දුන්නේය.

video-01


මේ ගැන වෛද්‍යවරයාගේ විග‍්‍රහයේ  පැහැදිලි කරන නිසා මෙහි දී ඒ ගැන කිසිවක් සටහන් කළේ නැත.

මෙතෙක් දවසක් තවත් භූතයෙක් ලෙස රැවටී ඇත්තේ මෙයට බව ඔවුහු අප ඉදිරියේ පිළි ගැනීමට තරම් නිහතමානී වූහ.

විශේෂයෙන්ම මේ භූත නිසා බියට පත්ව සිටියේ විධායක ශ්‍රේණියේ නිලධාරියාගේ බිරිය හා නැන්දා වන අතර වෛද්‍යවරයාගේ මේ හෙළිදරව්වෙන් පසු වඩාත් සතුටට පත් වූයේ ඔවුන් දෙදෙනාය.

පුතාගේ බර්ත් ඬේ පාටියට අද්භූත පුද්ගලයෙක් පැමිණියේ කෙසේ ද කියා කරුණු කාරණා සහිතව හෙළි කර දීම වෙනුවෙන් ඔවුන් වෛද්‍යවරයාට මෙන්ම මේ  ගැන සොයා බැලීමට පැමිණි ඉරිදා ලංකාදීපයට ද ඔවුන් විශේෂ ස්තූතියක් පුද කිරීමට අමතක කළේ නැත.

06_PAGE




ඡායාරූපයේ සිටි ”භූතයා” කවුදැයි අප පහසුවෙන්ම හොයාගත්තා


Untitled-4මාර්ග නීති කඩ කරන රියදුරන්ට එරෙහිව කෙනකුගේ පෞද්ගලික වීඩියෝ පටිගත කිරීමක් හෝ ඡායාරූපයක් සාක්ෂියක් ලෙස භාවිත කළ හැකිදැයි වරක් සුහද පිළිසඳරකදී මම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසුවෙමි. වීඩියෝ පටයක්  ඕනෑම කෙනකුට සංස්කරණය කළ හැකි නිසා එය ”තීරණාත්මක සාක්ෂියක්ධ් ලෙස පිළිගැනීමේ නීතිමය දුෂ්කරතාවක් ඇති බව එහිදී එතුමන් මාහට පෙන්වා දුන්නේය.
මෙය මා සඳහන් කළේ ඡුායාරූපයක හෝ වීඩියෝ පටයක සඳහන්වූ පමණින් ”භූතාත්ම” ඇතැයි එකවරම විශ්වාසයට ගැනීම නුසුදුසු බව පෙන්වා දීමටයි. මේ නිවසේ සිදුවූ දෙය ඊට කදිම උදාහරණයකි.

මේ සිදුවීමේදී අදාළ නිවසේ ගෙහිමියා මාහට දුරකථනයෙන් විස්තරය කීවිට, මා මුලින්ම කළේ විද්‍යුත් තැපෑල හරහා ගෙන්වාගෙන ඒ ඡුායාරූප හොඳින් නිරීක්ෂණය කිරීමයි. බැලූ බැල්මට වයස්ගත පුද්ගලයකු ඒ ඡායාරූපවල සිටින සේ හැෙඟනවා. මේ දක්වා කළ ගවේෂණවලදී භූතාත්ම, හොල්මන් අවතාර මෙන්ම දෙවියන් හා යකුන්ද මිනිසාගේ මනෝකල්පිත නිර්මාණයන් පමණක්මය යන්න තහවුරු කෙරෙන ප‍්‍රතිඵල විනා, භූතාත්ම ඇතැයි යන්න තහවුරු කෙරෙන එකදු ප‍්‍රතිඵලයක් හෝ අපට ලැබී නැහැ.

ඡුායාරූපයේ සිටිනවා යයි කියන තැනැත්තා සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටිනා බවක් පෙනෙන අතර මුහුණ ප‍්‍රදේශය පැහැදිලි නැහැ. ඡුායාරූප අධ්‍යයනයෙන් පසුව ගෙහිමියා හා කථාබස් කළ මම මේ ඡායාරූපයේ ඔය කියන රූපයට පසුපසින් ඇති දේ පෙනෙන්නේ නැති නිසා එය අනිවාර්යයෙන්ම ”භෞතික වස්තුවක්” විය යුතු බව පෙන්වා දුන්නෙමි. එහෙත් එය කුමක්දැයි සිතාගැනීමට ඔහුට නොහැකිවූ අතර එවැනි දෙයක් ඒ කාමරයේ තබා නොතිබූ බවයි ඔහුගේ අදහස වුණේ.

මේ ගැටලූව විසඳීමට එහි යායුතු බව අපට පෙනුණා. නිවසේ පැවති සාදයක් අතරතුර පටිගත කෙරුණු එම වීඩියෝ පටය මම මුල සිට අගටම හොඳින් නිරීක්ෂණය කළෙමි. විවිධ අවස්ථාවලදී එය අතරමග නවත්වමින් එම අවස්ථා ඡුායාරූප ලෙස වෙනමම ලබාගෙන ඒවා නැවතත් අධ්‍යයනය කළෙමි.
එහිදී එක් ඡුායාරූපයක් විශාල කොට බැලූවිට එය රෙදි එල්ලනයක (HANGER) එල්ලා ඇති ඇඳුමක් බව පෙනීගියා. ”අද්භූත අමුත්තාගේ” ගෙල හා පපුවේ ඉහළ කොටස බවට පත්ව තිබුණේ එම හැඟරයයි. එම හැඟරය එල්ලා ඇති තැනම කණ්ණාඩි මේසයේ කණ්ණාඩියට ඉහළින් තබා ඇති කළු පැහැති ඩයරියක් තමයි හිස කොටස (හිස කෙස්) මෙන් පෙනී ගියේ. අප එහි යනවිටත් එම දිනපොත එම ස්ථානයේම තිබුණා.

ගෙහිමියාගේ බිරිය විසින් ඒ රතුපැහැති හැඟරයද අපට පෙන්වුවා. සියලූ දේ ඒ ආකාරයට තබා යළි ඡුායාරූප ගත කළ විට ”භූතාත්මය” යළි පැමිණියා.
ගෙහිමි කාන්තාව තරුණ වියේ පසුවන්නියක්. ඇගේ සිත මදක් ශක්තිමත් බවක් පෙනුණත් දිවා කාලයේ තනිවම සිටින විට කවුරුන් හෝ තමන් පසුපස සිටිනා බවක් හැෙඟනවා යයි ඇය පැවසුවා. විවිධ ශබ්ද ඇසෙන බවකුත් පැවසුවා. අපි හැමෝම වාගේ කුඩා කාලයේ පටන් හොල්මන්, අවතාර ආදිය පිළිබඳව අසා තිබෙනවා. තනිව ඉන්න විට හොල්මන් අවතාර දිස්වන බවට වූ අදහසක් ද සමාජයේ පවතිනවා. ඇගේ සිත තුළත් එවැනි අදහසක් තිබෙන්නට ඇති.

චකිතයකින් යුතුව තනිවම නිවසේ සිටින විට හෝ තනිවම කුස්සියේ සිටින විට හෝ කුමක් හෝ ශබ්දයක් ඇසුණත් එය කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් කරන ලද එකකැයි කෙනකු තිගැස්මකට ලක්වෙන්න පුළුවන්. ඒ විනා මියගිය අයකුට කිසිදු ලෙසකින් යළි දෘශ්‍යමාන වීමේ හැකියාවක් නැහැ. එසේම කිසිදු භෞතික වස්තුවක් සෙලවීමටද මියගිය කෙනකුට බැහැ.

මෙහිදී පැවසිය යුතු තවත් කරුණක් තිබෙනවා. අදෘශ්‍යමාන බලවේග පිළිබඳව ඇති විශ්වාසය නිසා ඇතැමුන් මෙවැනි අවස්ථාවලදී ශාස්ත‍්‍රකරුවන් හමුවීමට යනවා. ශාස්ත‍්‍රකරුවන් කරන්නේ කනාපල්ලම් ගැසීමක් පමණයි. ඔවුන්ගේ ඒ ප‍්‍රකාශ විශ්වාසයට ගන්නා සමහරු භූතාත්ම ඉවත් කිරීම සඳහා විශාල ලෙස මුදල් වැයකර තොවිල් පවිල් කරනවා. මේවා නිරර්ථක දේවල්.


srinathprasanna
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment