පච්ච කොටාගන්න ඇවිත් බයේ වෙව්ලලා



තම යහළුවකුගේ බාහුවෙහි අලංකාර කාන්තා රූපයක් පච්ච කොටා තිබෙනු දැක එම ශිල්පියා ලවා තම බාහුවෙහිද ලිහිණියකුගේ රූපයක් පච්චකොටා ගැනීමට ගිය තැනැත්තකු මුහුණ පෑ අපූරු අත්දැකීමක් පසුගියදා අසන්නට ලැබුණේ කොළොම්පුරෙන්.

ඔහු දිගු කලක් විදේශගතව සිට ලංකාවට පැමිණියේ නොබෝදාය. තම යහළුවකුගේ බාහුවේ කොටා ඇති පච්ච රූපයකට ආසා සිතුන ඔහු එම ශිල්පියා ලවා තමාගේ බාහුවෙහි ද නයකු හොටයෙන් ගත් ගිජු ලිහිණියකුගේ රූපය කොටවා ගැනීමට යහළුවා සමග එහි ගියේය.
රූපයට අදාළව බාහුවේ දළ සටහනක් තැබූ ඔහු මුලින්ම ගිජුලිහිණියා හොටයෙන් ගත් නයාගේ රූපය කෙටීම ඇරඹිය.
වේදනාවෙන් ඇඹරුණු ඔහු නයාගේ රූපය කොටා නිම වෙත්ම ”ළිහිණියා  ඕනෑ නෑ. නයා ඇති” කීවේ ලොකු සුසුමක් පිට කරමිනි.
ඔහුගේ කීමට සිනාසුනු ශිල්පියා ”කමක් නෑ සර්, හැබැයි මුළු රූපයටම ගෙවන්න  ඕනෑ. මම ඒකට භාණ්ඩ සූදානම් කළා” කීවෙන් ඔහුට තරු පෙනුණාලූ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment