නිවෙස නාය යැයි කියා බයේ අනියම් බිරියගේ තුරුලට ගිහින්


අනතුරුදායක තත්ත්වයක් නිසා ආරක්ෂිත ස්ථානවලට යන්නැයි කීවාම අනතුරක් නැතිවම සැමියා තම හිතවත් කාන්තාවකගේ නිවෙසට ආරක්ෂාව සොයා යාමේ පුවතක් වාර්තා වෙයි.


තිදරු පියකු වූ ඔහු ජීවත් වූයේද නායයෑම් අවදානමක් සහිත ගමකය. මධ්‍යම පළාත පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිතරම අවදානම දැනුම්වත් කරනු ලැබ තිබේ. පසුගිය දිනක ඔහු හදිසියේම අතුරුදහන් විය.

භාර්යාව විසින් ඥාතීන් එදින දවස පුරා ඔහු සෙව්වද ඔහු සොයාගත නොහැකි විය. සවස්වීගෙන එද්දී ප‍්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව ගමේ කෙළවරක පිහිටි නිවෙසක සිටිය දී ඔහු සොයා ගනු ලැබ තිබේ. එම නිවෙස ඔහුගේ හිතවත් කාන්තාවකගේ නිවෙසයි. ඔහුගේ භාර්යාව ඔහු සොයාගත් පසු ඔහු ඇයට ප‍්‍රකාශ කර ඇත්තේ මේ දිනවල නායයෑම් අවදානමක් පවතින බැවින් ආරක්ෂාව පතා එම නිවෙසට පැමිණි බවයි. එතකොට දරුවන්ට මොනවද වෙන්නේ යැයි ඔහුගෙන් විමසීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment