Fun කතා - සතුට හා සමාදානය


ඩග්ලස් සහ පියතිස්ස අමාත්‍යාංශය වෙත යමින් සිටියේ රාජකාරී කටයුත්තකටය.
�ඉතින් පියතිස්ස මහත්තයා කොහොමද ජීවිතේ කාරිය?� ඩග්ලස්
ඇසීය.
�වරදක් නැහැ මිස්ටර් ඩග්ලස්. නෝනයි මායි සතුටෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඔය ඉඳලා හිටලා තරහක් ගියාම නෝනා අතට අහුවෙන මැටි කෝප්පෙකින්, වලදකින් දමලා ගහනවා. ඒ වුණාට අපි සතුටෙන් තමයි ජීවත් වෙන්නේ.� පියතිස්ස කීවේය.
�දෙයියෝ සාක්කි! හැලිවලංවලින් ගහගෙනත් කොහොමද සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නෙ?� ඩග්ලස් ඇසුවේ ඔළුවේ අතගසා ගනිමිනි.�මේකනෙ කාරණේ. එහෙම ගහන පාරක් මට වැදුණොත් නෝනා සතුටු වෙනවා. ඒ පාර මට වැදුණේ නැත්තං මම සතුටු වෙනවා.�පියතිස්ස කීවේ සිනාසෙමිනි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment