තහනම් ගහේ ගිය ගම්මුලාදෑනියාට වෙච්චි දෙයක්


ඔහු ගම්මුලාදෑනියෙකි. ගමේ විවාහක කාන්තාවකට ඇලූම්කළ හේ ඇගේ සැමියා නිවෙසින් බැහැරවන අවස්ථාවන් බලා නිවෙසට ගොඩ වී ඇය සමඟ කතා බහ කරන්නට පුරුදු වී සිටියේය.

කාන්තාවගේ නිවෙසට නිතර නිතර යාම් ඊම් ගැන ගම්මුලාදෑනියාට එරෙහිව කටකතා
පැතිරෙන්නට විය. එහෙත් ඔහු ඒ කටකතා මායිම් කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඇය වසඟ කරගැනීමය.

ඒ සඳහා ඔහු නොයකුත් උපක‍්‍රම යෙදුවේය. වැඩි දවසක් නොයාම ඒ කාන්තාව ගම්මුලාදෑනියාට අවනත වූවාය.

සැමියා නිවෙසින් බැහැර යනවිට ගම්මුලාදෑනියාට ඒ වග දැනගන්නට ලැබුණු සැණින් ඔහු කාන්තාවගේ නිවෙසට යයි. මේ ඇසුර ගැන සැමියාටද කනින් කොනින් අසන්නට ලැබිණි.

දිනක් සැමියා රැුකියාවට යන බව පවසා නිවෙසින් පිට වී ගියේය. දුර බැහැරක සේවය කරන නිසා සැමියා ආපසු නිවෙසට පැමිණීම ප‍්‍රමාදවන බව දැනගත් කාන්තාව ගම්මුලාදෑනියාට පණිවිඩයක් දුන්නාය.

රැ බෝ වීමත් සමඟ ගම්මුලාදෑනියා කාන්තාව සොයා ආවේය. වැඩි වේලාවක් ගතවූයේ නැත. රැුකියාවට ගිය සැමියා හදිසියේම නිවෙසට ආවේය. හොරේ ඔහුගේ අතටම අසුවිය.

සැමියා පසුදින පොලිසියට පැමිණිල්ලක් කළේය. ගම්මුලාදෑනියාත් කාන්තාවත් පොලිසියට පැමිණියහ. ස්ථානාධිපතිවරයා ගම්මුලාදෑනියාගෙන් ප‍්‍රශ්න කළේය.

ඇයි තමුන් ඊයේ ? ඒ ගෙදරට ගියේ?

‘මෙයා තමයි මට එන්න කීවේ. ඒ නිසා මං ගියා.’ ගම්මුලාදෑනියා කීය.
‘නෑ.. නෑ.. සර් මං එන්න කීවේ නෑ’ කාන්තාව කීවාය.

‘ඇයි තමුන් බොරු කියන්නෙ. මේකෙන් තමුන්ගේ රස්සාවටත් ප‍්‍රශ්නයක් වෙනවා.’ පොලිස් නිලධාරියා ගම්මුලාදෑනියාට කීය. ගම්මුලාදෑනියාට රැුකියාව අහිමිවෙතැයි කාන්තාව මේ අවස්ථාවේ කනගාටුවට පත්වූවාය.

‘සර්.. මේ මහත්තයට ගෙදර එන්න කීවෙ මම තමයි සර්.’ ඇය පොලිස් නිලධාරියාට කීය.

පොලිස් නිලධාරියාට කාරණය වැටහීම නිසා දෙදෙනාටම දැඩි ලෙස අවවාද කර සැමියාටද ඒ වග වටහා දී ඔවුන් පිටත්කර යැවීමට පියවර ගැනිණි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment