Fun කතා - රජතුමාගේ කැසිල්ල


ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන.. මොකක්ද දන්නවද? රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඬේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.



බිසව මල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා.

රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලූවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ
බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල.

බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව. මේක බෙල්ල ගහල යන වැඬේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව. හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න  ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා*

වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා. බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පිට රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව.

රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැ?රුම් විදිහට කල්පන කරල කිව්වාත්‍. රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක්  ඕන කරනවා. මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල.

කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ගිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇගේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා. පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත.

පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි * රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා.

දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න. දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ  ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා.  ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලූ ගතියට හොඳ පාඩමක් උගන්නන්න  ඕන කියල හිත හිත වෙද ආපහු ගියා.

වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා. වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල. රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment