පෝරුවේදී මනාලියගේ හැසිරීම දැක මනාලයාට මඟුල එපාවෙලා


විවාහ මංගල්‍ය උත්සවයකදී චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීමට යාමේදී මනාලිය දැක්වූ අප‍්‍රසන්න ක‍්‍රියාකාරකම් නිසා කලකිරුණු මනාලයකු ඇය අතහැර යාමට තැත්කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණි. යෝජිත විවාහයක මේ මනාලයා ඉතා තැන්පත් ගුණයෙන් යුත් තැනැත්තකු වූ
අතර මනාලිය කෙළිලොල් රූමතියක් වූවාය. පැමිණ සිටි ඥාතීන් පිළිගැනීමේ දී ඇය ස්ත‍්‍රී පුරුෂ භේදයක් හෝ වයස් භේදයක් නැතිව සිප වැළඳගැනීම ගැන උරණව සිටි මනාලයාගේ රතු ඉර පැන්නේ ඇය සංගීත රාවයට අනුව යහළු යෙහෙළියන් සමග ආලිංගන නැටුමක යෙදීම නිසාය. තමාට ද ඊට ආරාධනා කළත් එය දැඩිව ප‍්‍රතික්ෂේප කළ මනාලයාට ඇගෙන් සරදම් වචනද එල්ල විය.
මේ පිළිබඳව මනාලයා මවුපියන්ට කරුණු කීවත් ඔවුන්ගේ බලවත් ඉල්ලීම පරිදි අවසන් මොහොතේ මධුසමය ගත කිරීම සඳහා හෝටලයකට යාමට වාහනයට නැග්ගත් අතරමගදී ඇතිවූ වචන හුවමාරුවක් නිසා රියැදුරුට කියා වාහනය නැවැත්වූ ඔහු වෙනත් වාහනයකින් ගෙදර ගියේ මනාලියට ඕන ”තූත්තුකුඩියක යන්නැ”යි කියමින්ලූ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment