බස්රථයක ගමන් කරමින් සිටියදී මුදල් පසුම්බියක් සොරා ගත්තැයි කී අයකුට සිදුවූ අපූරු සිද්ධියක් පසුගියදා නුගේගොඩින් වාර්තාවිය.
සිද්ධිය සැකවින් මෙසේය.
දිනය 24 වැනිදාය. මාර්ග අංක 138 කොළඹ මහරගම ධාවනය වන බස්රථයකි. බස්රථය මගීන්ගෙන් පිරී තිබිණි. මහරගම සිට කොළඹට ධාවනය කරන බස්රථය නුගේගොඩ ගුවන් පාලම අසළ තිබෙන බස්නැවතුම්පළේ නැවත්විය.
කාන්තාවන් ළමයින් හා තරුණ තරුණියෝ කඩිනමින් බැස යාමට පොරකෑහ.
ඩෙනිම් කලිසමක් හැඳ සිටි මැදිවියේ මහත්මයකු ඔහුගේ මුදල් පසුම්බිය නැති වී ඇති බවට කෑ ගැසීය. ඔහුගේ කලිසමේ පිටුපස සාක්කු දෙක වරින් වර අත ගාමින් මුදල් පසුම්බිය නැතිවූ බව හඬ නඟා කීය.
කොන්දොස්තර මහතාද බිමට බැස සිටි අතර ඔයාගෙ අතේ මොකක්ද තිබෙන්නේ කියා ඇසූවිට ලැජ්ජාවට පත් ඩෙනිම් කලිසම ඇද සිටි පිරිමි මහතා සීරුවෙන් මඟහැර ගියේය
0 comments:
Post a Comment