ඡන්ද පෙට්ටියක් ඇතුළේ බුලත් කොළයක්


ඡන්ද පෙට්ටියක බහා තිබූ ඡන්ද පත‍්‍රිකාවක් සමග බුලත් කොළයක් ද තිබී හමුවීමේ සිද්ධියක් අනුරාධපුර මැදි විදුහලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකින් ඉකුත්දා 8 වැනි දා රාත‍්‍රියේ අසන්නට ලැබිණි. මෙම බුලත් කොළය හමුවූයේ මිහින්තලය ඡන්ද ප‍්‍රදේශයේ
මධ්‍යස්ථානයකින් රැගෙන ආ ඡන්ද පෙට්ටියක තිබී යැයි නිලධාරියෙක් පැවැසීය. ඡන්ද පත‍්‍රිකාව අයත් ඡන්දදායකයා තම කැමැත්ත ප‍්‍රකාශ කළ කතිර සලකුණ එහි තිබූ බවත් එහෙත් එම සලකුණු කිරීම බුලත් කොළයට නොවීම විශේෂත්වයක් විණැයි ද ඔහු කීවේය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment