ග‍්‍රාමසේවා සහතිකය ගන්න අරක්කු වෙනුවට පොල්තෙල්


ග‍්‍රාමනිලධාරී සහතිකයක් ගැනීමට ගිය තරුණයකුට එම සහතිකය ගැනීමට නොහැකි වූ විට තමන්ගේ හිතවත් මිතුරකු ඔහුට කියා දුන් උපක‍්‍රමය අනුව නැවත ග‍්‍රාම නිලධාරි වෙත ගොස් එම සහතික ගත් පුවතක් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවේ.


සිද්ධිය සැකවින් මෙසේය.

මෙම තරුණයාට රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට ග‍්‍රාම නිලධාරි සහතිකයක් අවශ්‍ය විය. හෙතෙම තමන් පදිංචි බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි මහතා වෙත ගොස් තමන්ට අවශ්‍ය කාරණාව පවසා ග‍්‍රාම නිලධාරි සහතිකයක් ඉල්ලා සිටියේය.

එවිට ග‍්‍රාම නිලධාරිවරයා කියා සිටියේ ඔබගේ පදිංචිය නිසි ලෙස තවම ලියාපදිංචිවී නොමැති නිසා සහතිකයක් දිය නොහැකි බවය. මෙම තරුණයා අදාළ ගමේ පදිංචියට පිට ගමකින් පදිංචියට පැමිණි අයකුවීම එයට හේතුවිය. තම අවශ්‍යතාව ඉටුනොවූ බැවින් තරුණයා සිත්තැවුලෙන් ග‍්‍රාම නිලධාරි කාර්යාලයෙන් පිටව ගියේය.

සවස්යාමයේ තමන්ගේ හිතවත් මිතුරකු මෙම තරුණයාට මුණගැසුණි. මිතුරාට තමන්ගේ අවශ්‍යතාව ඔහු පැවසීය. එවිට මිතුරා ”ආ  ඕක සුළු දෙයක්නේ මචං. මම කියන විදිහට වැඬේ කරලා බලපන්” යැයි පැවසීය. පසුදින උදාවිය. තමන්ගේ මිතුරා කියූ ආකාරයට තරුණයා ලෑස්තිවී ග‍්‍රාම නිලධාරිවරයා මුණගැසීමට ගියේය. මෙම ග‍්‍රාම නිලධාරි ටිකක් මධුවිතට බර පුද්ගලයෙකි.

තරුණයා මත්පැන් බෝතලයක් ලෙස පිටතට පෙනෙන ආකාරයට පොල්තෙල් බෝතලයක් කවරයකට දමාගෙන ග‍්‍රාමසේවක කාර්යාලයට ගොඩවිය. තරුණයා දුටු ග‍්‍රාමසේවක මහතා ”අදත් මොකද මේ පැත්තේ” යැයි විමසීය. ග‍්‍රාම නිලධාරිවරයා තරුණයාගේ අතේ ඇති බෝතලය ද දුටුවේය. ”මහත්තයා අර සහතිකේ ගන්න පුළුවන්ද බලන්න තමයි අදත් ආවේ” යැයි පිළිතුරු දුන්නේය. ”මල්ලි වාඩිවෙන්න  ඕවා මොකට ගෙනාවද මන්දා” යැයි පවසමින් ග‍්‍රාමසේවක සහතික පොත අතට ගත්තේ අර තරුණයාට සහතිකයක් දීමටය. සහතිකය ලියා අවසන් කළ හෙතෙම තරුණයාට ග‍්‍රාම නිලධාරි සහතිකය දුන්නේය. තරුණයා ”ස්තුතියි මහත්තයා ගිහින් එන්නම් එහෙනම්. මම මේ කඬේට පොල්තෙල් ගේන්න යන ගමන් ආවේ” යැයි කීය.

ග‍්‍රාමසේවක මහතා උඩබිම බැලූවේ කුමක්ද සිදුවුණේ යන්න හිතා ගන්නටත් බැරුවය. ඔහු හිතුවේ තරුණයා රැුගෙන ආවේ මත්පැන් බෝතලයක් වෙන්නට ඇතැයි සිතාය. මිතුරා කියා දුන් පරිදි මත්පැන් බෝතලයක් ලෙස හුවා දක්වමින් පොල්තෙල් බෝතලයක් රැුගෙන ගොස් ග‍්‍රාමනිලධාරි සහතිකය පහසුවෙන් හෙතෙම ගත්තාලූ.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment