මිත්තණිය තම මුනුබුරා සමඟ ඡන්දය ප‍්‍රකාශ කරන ස්ථානයට පැමිණියාය. ඇතුළුවන ගේට්ටුව අසල මැතිවරණය සඳහා ඉදිරිපත්වන අයගේ නාම ලේඛනය සහ ඔවුන්ගේ ඡුන්ද ලකුණු විශාල ප‍්‍රමාණයේ මුද්‍රිත කඩදාසියක සටහන් කර තිබිණි.
මිත්තණිය මුනුබුරා අමතා, ‘‘පුතේ උඹේ තාත්තා කියනවා එයා කැමති කෙනාට කතිරේ ගහන්න කියලා. එතකොට උඹලගේ අම්මා කියන්නෙ එයා කැමති වෙන කෙනෙකුටලූ. එයාට කතිරේ ගහන්නලූ. පුතේ ඡන්දෙ ඉල්ලන කට්ටියගේ නම්ටික මට කියවහංකෝ වෙන කව්ද ඉන්නේ කියලා බලන්න.’’ යැයි පැවසුවාය. මුනුබුරා නම් සහ ඔවුනට හිමි ලාංඡනද එකින් එක පැවසූ පසු එක් නමක් සඳහන් කළ ඇය, ‘‘දන්න නමක් තියනවා ඒකටවත් කතිරේ ගහනවා. එතකොට උඹලගේ අම්මා තරහා වෙන්නෙත් නැහැ. තාත්තා තරහාවෙන්නෙත් නැහැ.’’ යැයි කීවාය. ‘‘මෙ එයා නෙමෙයි. වෙන කෙනෙක්’’ මුනුබුරා සිනාසෙමින් පැවසීය.
0 comments:
Post a Comment