නව වසරට සුබ පතන්න දුවට එවූ පණිවුඩය මවගේ දුරකථනයට ගිහින්


පොඩි දුවගේ ජංගම දුරකතනයට එවා තිබූ කෙටි අලූත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් මවගේ දුරකතනයට යාම නිසා සිදුවූ මහත් ආන්දෝලනයක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අගනුවරට ආසන්න ගම්මානයකිනි.


පොඩි දුවගේ සේවා ආයතනයේ සිටි ඇය කෙරේ බැලූම් හෙලූ තරුණ නිලධාරියකු සිය කාර්යාලයේ නිලධාරීන්ට සුබ අලූත් අවුරුදු කෙටි පණිවුඩ යවන අතරේ ඇයටද ආදරබර පණිවුඩයක් සහිතව මෙම ඇමතුම කළේ තරමක තැති ගැනීමකිනි.

එම පණිවුඩය නිසා මහත් තැති ගැන්මකට පත් මව ගෙදර අය සමඟ කීවේ තමාට අමුතු කෙටි දුරකතන පණිවුඩයක් ලැබී ඇති බවකි. මෙයින් කුතුහලයටපත් පොඩි දුව හදිසි යමක් දැන්වීමට කාර්යාලයේ යහළුවන්ට තම මවගේ ජංගම දුරකතන අංකය දුන් බව සිහිවී එම පණිවුඩය වහාම කියවා බැලූ විට එය එවූ පුද්ගලයාද හඳුනාගත්තත් ඒ බව කිසිවකුට කිව්වේ නැතිලූ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment