මම විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ෂනය ඇති වුණේ සාමාන්‍ය පෙළ කරන කාලේදී,


මෙවර කතාබහට ඇයව එකතු කරගත්තා. රංගනයේදී වගේම ධනංජි සැබෑ ජීවිතයෙත් සැහැල්ලු චරිතයක්ද? ඔව්. මම පාවෙනවා වගේ සැහැලුලුවෙන් ඉන්නේ.


ඇයි ඔච්චර කටකාර? ඒ මගේ හැටි. මම කරන්නෙ යාළුවොත් එක්ක විනෝදෙන් කියවන එක විතරයි.

කට නිසා වැරදුණු අවස්ථ නැද්ද? එහෙම නෑ, යාළුවොත් එක්ක කියෙව්වට මම හැම තැනම කියවන්න යන්නේ නෑ.

ඔය කටකාරකම නිසා ශේත්‍රයේ කවුරුත් තරහවෙලා නැද්ද? අනේ නෑ. තරහවෙලත් නෑ, රණ්ඩු වෙලත් නෑ, එහෙම නිතරම කතුර වගේ කතා කළාට කාගේවත් හිතක් රිද්දවලා නෑ, ඒ වගේම රණ්ඩු වෙලත් නෑ.

නිරූපණ ශිල්පිණියක ලෙස කොහොමද රංගනය එකතු වෙන්න අවස්ථාව ලැබුණේ? උසස්පෙළ කරන පංතිවල ඉදන් මම ආස කළේ නිළියක් වෙන්න. ඒ දවස්වල යාළුවෙක්ගෙ මාර්ගයෙන් නිරූපණයට එකතු වෙන්න පුළුවන් වුණා, ඒ හරහා තමයි රවින්ද්‍ර විජේරත්න මහත්මයාගේ අලුත් ගෙදර නාට්‍යයට මුලින්ම එකතු වුණේ.

නිරූපණයද රංගනයද වඩාත්ම පහසු? රංගනයට වඩා නිරූපණය පහසුයි, නිරූපණය කියන දේ ටික කාලයකින් ඉගෙන ගන්න පුළුවන්, ඒත් රංගනය කියන දේ දවසින් දෙකකින් ඉගෙන ගන්න තියෙනවා, හැමදාමත් අපට ඉගෙන ගන්න අලුත් දේවල් තියෙනවා, මම තවම රංගනය ඉගෙන ගන්නා කෙනෙක්.

රිදී තිරයට ආරාධනා ලැබුණද? ආරාධනා කිහිපයක් ලැබුණා, ඒත් දින ප්‍රශ්න නිසා භාරගන්න බැරි වුණා, ඉස්සරහට බලමු, මාව රිදී තිරයෙන් දැකගන්න අවස්ථාව උදාවේවි.

පෙම්වතෙක් තෝරාගනිද්දි මුදල් කියන දේට ලැබෙන්නෙ පළමු තැනද?  මේ දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා, ඒක වැරදියි, මම මුදල කියන දේට පළමු තැන දේන්නේ නෑ, තමන්ගේ පෙම්වතා අවංකව ආදරය කරනවද කියන දේ තමයි මුලින්ම බලන්නේ, අන්තිමට මුදල් කියන දේත් බලනවා, මොකද මුදල් නැතිව ජීවත් වෙන්න බෑ.

විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ෂනය ඇති වුණේ මොන වයසේදීද? මම සාමාන්‍ය පෙළ කරන කාලේදී, ඒ දේ හැමෝටම පොදු දෙයක් ජීවිතේ බොහොම සුන්දර සැහැල්ලු කාලයක් ඒ.

ඒකපාර්ශ්විකව ආදරය කරලා තියෙනවාද? නෑ කවදාවත් නෑ, එහෙම දේවල් මේ ලෝකේ තිබුණට මම කාවත් තනියම ආදරය කරලා නෑ.

විවාහය කියන බැදීමෙන් පිට ආදරය ඇතිවෙන්න පුළුවන් නේද? ඒ දේ ඇතිවෙන්නේ නෑ කීවොත් බොරුවක්, සමාජයෙ දිහා බැලුවහම විවාහ වෙලා දික්කසාද වෙලා ආපසු විවාහ වෙන්නේ ඒ වගේ ආදරයක් ඇතිවෙන අය.

ඔය කටකාරකමට කලා ශේත්‍රයේ කැමති අයත් ඇති නේද? ඔව් එහෙම අයගෙන් විවාහ යෝජනා ඇවිත් තියෙනවා, එවා සාමාන්‍ය දේවල් මම ඒවා ගැන වැඩිය හිතන්නේ නෑ.

ශේත්‍රයේ කෙනෙක් ඔබේ පෙම්වතා වේවිද? තාම එහෙම තීරණය කරලා නෑ, ශේත්‍රයේ කෙනෙක්ද පිට කෙනෙක්ද කියලා තීරණය කරන්නේ ඉතින් දෛවය තමයි.

පෙම්වතෙක් නෑ කියන්නේ ජනප්‍රියත්වය අඩුවෙයි කියලද? එහෙම නෑ, පාසල් යන කාලේ පෙම්වතෙක් හිටියා, ඒත් දැන් පෙම්වතෙක් නෑ කියන එක බොරුවක් නෙමේ.

මොනවගේ කෙනෙක්ද පෙම්වතා කරගන්න කැමති? අවංකව ආදරය කරන කෙනෙක්ව මගේ පෙම්වතා කරගන්න කැමතියි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment