ඡන්ද ඔට්ටුව පැරදී ගෙදර ටී.වී. බැලීමත් නැවතිලා


ඡන්ද ඔට්ටුවක් පැරදීම නිසා රසවත් ටෙලි නාට්‍ය කීපයක් බැලීමේ වරම අහිමි වූ කාන්තාවකට අල්ලපු ගෙදරට ගොස් එම කටයුත්ත ඉටුකර ගන්නට සිදු වූ බව කියවෙන පුවතක් වාර්තා වේ.

දැනගත් අන්දමට සිදුවීම මෙසේය.


ඔහුත් ඇයත් අඹු සැමියෝය. එක නිවසේ කොපමණ සතුටින් ජීවත්වුවත් ඔවුහු දේශපාලනය කළේ මේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකටය.
”මගේ අම්ම තාත්ත, පරම්පරාවම අහවල් පක්ෂයේ” කාන්තාව කීවාය.

අපෝ අපිනම් කැපුවත් ඔය පක්ෂයට ඡුන්දේ දෙන්නේ නැහැ. සැමියාද කීවේය.

මවගේත් පියාගේත් මේ දේශපාලනය දරුවන්ට ද සතුටක් ගෙන දුන්නේ ඔවුන් දෙදෙනා විටෙක කරන තර්ක විතර්ක නිසාය.
ඔය අතරේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වෙද්දී මේ දෙදෙනාම තම පක්ෂ දෙකේ අපේක්ෂකයන් ජය ගන්නා බවට උදම් ඇල්ලූහ.
‘‘හරි මගේ අපේක්ෂකයා දිනුවොත් කිසිම දවසක ආයේ මේ ටී.වී. එකේ නාට්‍ය බලන්න මම එන්නේ නැහැ’’. ඔය අතරේ බිරිය අපූරු ඔට්ටුවක්ද ඇල්ලූවාය.

බිරියගේ ටෙලි නාට්‍ය බැලිල්ල කරදරයක් සේ සිතූ සැමියාට ද එය අපූරු ඔට්ටුවක් විය.

‘‘හරි මගේ අපේක්ෂකයා පැරදුණොත් මම කවදාවත් මේ ටී.වී. එක ළග වාඩි වෙන්නේවත් නැහැ’’. සැමියා ද එක පයින් ඔට්ටුව බාර ගත්තේය.
පාසල් වියේ පසු වූ දරුවෝ සාක්ෂිකාරයෝ වූහ.

ප‍්‍රතිඵල ප‍්‍රකාශවීමත් සමඟම බිරිය පරාජය බාර ගත්තාය. දින කීපයක් රූපවාහිනිය අසලටවත් ඇය නොආවාය.

බිරිය ගැන දුක සිතූ සැමියා ඇයට ඔට්ටුව පසෙක තබා රූපවාහිනිය බලන්න කීවත් ඇය ඒ අසලටවත් නොආවාය. එහෙත් දැන් ඇය හිමින් සීරුවේ තම ප‍්‍රියතම ටෙලි නාට්‍ය කීපය අසල නිවසකට ගොස් බලන බව දැන ගන්නට ඇත. 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment