හොරා අල්ලන්න තැබූ මී කතුරට බිරියගේ අත අහුවෙලා


තම අල්මාරියේ ඇති කැටයකින් විටින් විට මුදල් සොරාගන්නා නිවසේම සිටින සොරකු ඇල්ලීමට ගෙහිමියා විසින් අටවන ලද උගුලකට ඔහුගේ බිරිය අසුවූ බව කියන පුවතක් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.
නිවසේ ගෘහමූලිකයා ඉහළ වැටුපක් නොගත්තද ඔහු ලැබෙන වැටුපෙන් සිය දරු
දෙදෙනාගේත් බිරියගේත් අඩුපාඩු පිරිමැසුවේ එය තම පරම යුතුකමසේ සලකමිනි.

මේ අතර හදිසියකදී ගැනීම සඳහා ඔහු පුරුද්දක් ලෙස කැටයක මුදල් ඉතිරි කළේය. තම අල්මාරියේම මුල්ලකට වන්නට තැබූ කැටයකට ඔහු ඉඳහිට කීයක් හෝ දැම්මේ එය හදිසියකදී වටිනා බව තම බිරියට ද පවසමිනි.

දින සති මාස ගණන් ගත වුවද කැටය පිරෙන බවක් නම් නොපෙනිණි.

තම කැටයෙන් මුදල් ගන්නේ පාසල් වියේ පසුවන දරු දෙදෙනා යැයි සිතූ හෙතෙම දරු දෙදෙනා මට්ටු කරන්නට අපූරු උපායක් කල්පනා කළේය.
පසුදින සේවය නිමවා නිවෙසට එද්දී ඔහු තම මිතුරකුගෙන් ඉල්ලා ගත් මී කතුරක්ද රැුගෙන ආවේ උපාය ක‍්‍රියාත්මක කරන්නටය. කැටය තරමක් අල්මාරියේ අස්සට වන්නට
තැබූ ඔහු ඒ අසලින් මී කතුරද තැබුවේ සැලසුමේ අවසන් පියවර සම්පූර්ණ කරමිනි. ගතවූවේ දින කීපයකි.

සේවය නිමවා නිවෙසට පැමිණෙන ඔහුට දැකගන්නට ලැබුණේ බැන්ඬේජ් පටියකින් අත ඔතාගෙන සිටින තම බිරිය සහ ඒ අසලින් සිටින දරු දෙදෙනාය. තම සැලසුම ක‍්‍රියාත්මකවී ඇති බව දැනගත් ඔහු කිසිත් නොදන්නා පරිදි හේතුව විමසද්දී ඇය කියා සිටියේ නිවෙසට පැමිණි හිඟන්නකුට කීයක් හරි දෙන්නට අල්මාරිය අරිද්දී එහි තිබූ මී කතුරකට තම අත අසුවූ බවකි. මී කතුරක් බව නොදත් තමා මහ හඬින් බෙරිහන් දුන් බවත් අසල්වාසීන් නිවෙසට එක්රොක්වූ බවත් ඇය ලැජ්ජාවෙන් ඇඹරෙමින් කියා සිටියාය.

කෙසේ වුවත් මුවගට නැගි සිනහව යටපත් කර ගත් ඔහු ඇඟට නොදැනී කියා සිටියේ ”අල්මාරියේ හරියට මීයෝ මම මී කතුරක් ගෙනත් තිබ්බා” යනුවෙනි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment