
ඊසිකෑෂ් ක්‍රමය මගින් මත්කුඩු අලෙවියේ යෙදුණු කාන්තාවක් වැලිගම බණ්ඩරමුල්ල නුගහේන ධීවර ගම්මානයේ දී පෙරේදා (22) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිස් නිළධාරියෙකු පවසයි. පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් එම 37 හැවිරිදි කාන්තාව සන්තකයේ තිබි
මිලිග්‍රෑම් 10ක ප්‍රමාණයේ මත්කුඩු පැකට්ටුවක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. ඇයගේ නිවස ඉදිරිපිට අත්අඩංගුවට ගත් එම කාන්තාව පොලිස් ජීප් රථයට නංවා ගන්නා විට අසල රැස්වූ පිරිස ඝෝෂා නගමින් පොලිසියට ප්‍රශංසා කළ බවද වැලිගම පොලිසිය වැඩිදුරටත් පවසයි. පෙරේදා (22) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් එම කාන්තාව ඊයේ (23) මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ප්‍රසාද්
විජේසිංහ මහතාගේ උපදෙස් මත උ. පො. ප. පෙරේරා, කාන්තා පොලිස් නිලධාරිනී 1793 සුජීවනී, පො. සැ. 19899 ගුණසේකර, පො. කො. 7844 රංග, පො. කො. 72195 කුමාර යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළහ.
0 comments:
Post a Comment