වැසිකිළි යන්න වතුර බාල්දියක් ඉල්ලූවාම වීදුරුවක් දීලා

දකුණු අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ බිමේ සිටි චීන ජාතිකයකු පසුගියදා ආසන්නයේ වූ නිවෙසකට කඩිමුඩියේ දිව ගියේ වතුර අවශ්‍යතාවක් නිසාය.
පෙර දින රාත‍්‍රියේ ආහාරයට ගත් මස් වර්ගයක් නිසා ඔහුට දැඩි බඬේ අමාරුවක් ඇතිව තිබිණි. සිංහල හරි හැටි නොදත් ඔහු නිවසේ වැසිකිළිය අසල වූ පයිප්පයට අත දිගු
කරමින් නිවාස හිමියාගෙන් අභිනයේ යෙදෙමින් ඉල්ලූවේ එම වතුර ගෙන යාමට භාජනයකි. ”වෝටර් වෝටර්” යනුවෙන් ද ඔහු කීය.
තත්ත්වය තේරුම් නොගත් ගෙහිමියා දුවට කීවේ ”මේ මනුස්සයට පිපාසය වගේ. වතුර වීදුරුවක් දෙන්න” කියාය. ඇය ගෙනා වතුර වීදුරුව දුටු චීන ජාතිකයාට තරු පෙනිණි.
කලබලයට පත් ඔහු ”නෝ... නෝ.. බිග්වන් බිග්වන් ලොකු එකක්” කියා අමාරුවෙන් සිංහල වචනය කීවේ කලිසමේ පස්ස පැත්ත වම් අතින් තවත් තදකරගෙනලූ.

මාතර ගොඩගම ප‍්‍රදේශයෙන් අසන්නට ලැබුණු සත්‍ය පුවතකි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment