හිතවත්කමට බුරියානි අරන් දී පොකැට්ටුවට තට්ටු කරලා


එම ආයතනයේ සේවය කළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. ආයතනයේ උසස් නිලධාරියෙක් දිවා ආහාරය සඳහා පිටතට යන සෑම විටම මොවුන් දෙදෙනාගෙන් කෑම කෑවාදැයි අසන්නට අමතක කළේ නැත. එසේ අසන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ආහාර නොගෙන සිටියත් පැවසුවේ ”කෑම කෑවා සර්” යනුවෙනි.


දිනක් සුපුරුදු පරිදි නිලධාරි මහතා දිවා ආහාරය සඳහා පිටතට යන විට ආරක්ෂක නිලධාරීන්ව දැක, ”ඔයාලා කෑම කෑවා දැයි” විමසීය. ඒ වන විට ආරක්ෂක නිලධාරීන්ට ආහාර සපයන සැපයුම්කරු පැමිණ නොතිබිණි. ඔවුන් සිටියේ ද දැඩි කුසගින්නෙනි. ”තවම කෑම කෑවේ නැහැ සර්”, ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. ”මොනාද කන්නේ” මහතා විමසූවිට ” ඕන දෙයක්” ආරක්ෂක නිලධාරීහු පැවසූහ. ආපසු පැමිණි නිලධාරියා බුරියානි පාර්සල් දෙකක් ආරක්ෂක නිලධාරීන්ට දීමට කටයුතු කළේය. මාසයකට පස් හය වතාවක්් ඔවුනට බුරියානි ලැබිණි. ආරක්ෂක නිලධාරීන්ට ද මෙය ආර්ථික වාසියක් විය. සමහර දිනවල ආහාර සපයන්නාගෙන් දිවා ආහාරය නොගත් ඔවුහූ මහතා දුන් ඉස්තරම් ආහාරයෙන් සංතර්පණය වූහ. කල්යෑමේදී පෙරකී මහතාගේ මුදල් පසුම්බිය සිඳෙන්නට විය. ඒ අනුව බුරියානි කෑම සාමාන්‍ය කෑම බවට පත් විණි. අවසානයේදී ඒ මහතා ”කෑම කෑවාදැයි” ඇසීම නවත්වා දැමීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment