බලූපැටවුන් දමා පන්සලට ගෙනා පෙට්ටියේ කාන්තා හැඳුනුම්පතක්


පාදුක්ක නගරයට ආසන්න විහාරස්ථානයක පසුගිය දිනක පින්කමකි. මෙම පින්කමට පාදුක්ක හා ඒ අවට පදිංචි අය අතර එක්තරා මැදි වියේ කාන්තාවක් ද පැමිණ ඇත. ඇය කාඞ්බෝඞ් පෙට්ටියක් රැුගෙන පැමිණ විහාරස්ථානය අසලින් තබා විහාරස්ථානයේ පින්කමට එක්වී ඇත.


 මද වේලාවකින් බලූ පැටවුන්ගේ හඬන ශබ්දයක් අඛණ්ඩව ඇසීමට පටන් ගැනීමත් සමග පින්කමට පැමිණි කීප දෙනකු ඒ අවට විමසා බැලීමේ දී පෙට්ටියක් තුළින් එම ශබ්දය ඇසී ඒ අසලට ගොස් පෙට්ටිය විවෘත කිරීමේ දී බලූ පැටවුන් තිදෙනකු සිටිනු බව දැක ඇත. බලූ පැටවුන්ට අමතරව එම පෙට්ටියේ ජාතික හැඳුනුම්පතක් හා බැංකු පොතක් තිබී එය විහාරාධිපති හිමියන්ට ලබා දී තිබේ. බලූ පැටවුන් දමා ගෙන ආ පෙට්ටියේ තමන්ගේ හැඳුනුම්පත හා බැංකු පොත එහි වැටී ඇති බව නොදන්නා මෙම කාන්තාවට විහාරස්ථානයේ සිට නිවසට පැමිණ මද වේලාවකින් විහාරාධිපති හිමියන්ගේ පණිවිඩයක් ලැබී තිබේ. ඒ විහාරස්ථානයට පැමිණෙන ලෙසට පණිවිඩය ලැබුණු විගස වහා පැමිණි කාන්තාවට විහාරාධිපති හිමියන් ”ආ... උපාසක අම්මේ අර විහාරස්ථානය ළඟ බලූ පැටවු දමා ගිය පෙට්ටියේ උපාසක අම්මාගේ හැඳුනුම්පතයි බැංකු පොතයි තිබුණා. මේ දෙකත් එක්ක අර බලූ පැටවුන් ටිකත් රැගෙන යන්න” කියා පැවසූ විට ”අනේ හාමුදුරුවනේ මට සමා වෙන්න” කියා බලූ පැටවුන් තිදෙනාත් රැුගෙන විහාරස්ථානයෙන් පිටව ගොස් ඇත.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment