නෑනයි දුවයි නිවෙසට ඇරලන්න ගිය මස්සිනා මහමඟ දමා ඇවිත්


නෑනාත් දුවත් රාති‍්‍ර ගෙදරට ඇරලන්න ත‍්‍රීරෝද රථයකින් ගිය මස්සිනාකෙනකු ත‍්‍රීරෝද රථ රියැදුරු මහ මඟ දමා ආපසු පැමිණීමේ සිද්ධියක් අහුන්ගල්ලෙන් වාර්තා වේ.
මෙදින විශේෂ ගමනක් ගිය දෙදරු මවක් ඇයගේ දුව අක්කාගේ නිවසේ නතර කළාය. රාත‍්‍රි 8.30ට
පමණ යළි ඇය අක්කාගේ නිවෙසට ත‍්‍රීරෝද රථයකින් පැමිණියේ දුව රැගෙන යෑමටය. රෑ බෝවී තිබූ නිසා අක්කා ඇයගේ සැමියාටත් ත‍්‍රීරෝද රථයෙන් නංගීගේ ගෙදරට පරෙස්සමට යන ලෙස දන්වා සිටියාය. ඒ අනුව මස්සිනා ද නෑනාත් දුවත් ඇරලවීමට ත‍්‍රීරෝද රථයට නැගී ගමන් කළේය. ඔවුන් සමඟ මස්සිනා ත‍්‍රීරෝද රථයට නගිනවා දුටු ත‍්‍රීරෝද රථ රියදුරු මස්සිනා යන්නේ කොහේටදැයි විමසා තිබේ. ‘‘නංගීලාගේ තනියට යනවා. මට ඉතින් ආපසු පයින් වුණත් එන්න බැරියෑ’’.
මෙසේ ඇඟට නොදැනෙන්න මස්සිනා ත‍්‍රීරෝද රථ රියදුරාට පවසා තිබේ. තමා සමඟ ආපු නෑනා දුවත් සමඟ තනියට යෑම නොරිස්සූ මස්සිනාගේ මේ උපක‍්‍රමය ගැන හිත් රිදුන රියදුරා  මස්සිනාට පාඩමක් උගැන්වීමට සිතුවේය. ඔහු තිදෙනාම රැුගෙන නෑනා ගෙදරට ගොස් බස්සවා මස්සිනා වත්ත ඇතුළට ගිය මොහොතේ ඉක්මනින් ඔහු දමා රිය හරවා ගෙන ආවේය. මේ නිසා මහ රෑ මස්සිනාට පයින් ඒමට සිදුවී තිබේ.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment