
දුවගේ වත්තෙන් හොරෙන් කැඩූ පොල් බව නොදැන ඒවා මිලට ගත් නැන්දා කොටසක් දුවටත් වෙන්කළ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි. මේ දිනවල පොල් මිල බොහෝ සේ ඉහළය.
ඒ නිසා අඩුවට පොල් තිබෙන්නේ නම් ඒවා මිලදී ගැනීමට වැඩිදෙනෙක් පෙළඹෙති.
මේ අතරේ පොල් මල්ලක් කර තබාගත් තරුණයකු පොල් ලාබයි කියමින් පාරේ ගොස් ඇත. ඔහුට කතා කළ කාන්තාවක පොල් පරීක්ෂා කර අඩුවට දෙනවා නම් සියල්ල මට දෙන්නැයි ඉල්ලා ඇත.
එයට එකඟ වූ තරුණයා පොල් ටිකදී මුදල් ලබාගෙන සැනෙකින් එතැනින් පිටව ගොස් ඇත. අඩුවට ලැබුණු පොල් වලින් කොටසක් දුවටත් දීමේ අදහසින් ඇගේ නැන්දා දුරකතනයෙන් ඇයට කතාකර පොල් ටිකක් අඩුවට ලැබුණා ගන්න එන්නැයි කියා ඇත. වත්තේ පොල් තියනවා කඩාගන්න කෙනෙක් හොයාගන්න බැරිවයි අම්මේ ඉන්නේ. කව්ද ඔය පොල් ගෙනා මනුස්සයා. මට ආරංචියි වත්තේ පොල් කව්රු හරි හොරෙන් කැඩුවා කියලා. මට පොල් ගෙනා මිනිහගේ හැඩරුව කියන්න යැයි දුව එයට පිළිතුරු ලෙස කියා ඇත.
පොල් ගෙනා පුද්ගලයාගේ හැඩරුව කියූ පසු අම්මේ ඔය ගෙනත් තිබෙන්නේ අපේ වත්තෙම පොල්. පොල් හොරෙන් කඩලා තියනවා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉතිරි ගස් වලින් පොල් කඩලා මම අම්මටත් ටිකක් එවන්නම් කියා දුරකථනය විසන්ධි කළ විට නැන්දා ඔළුවේ අතගසා ගත්තාය.
0 comments:
Post a Comment