සැමියා නැතැයි සිතා සිවිල් ආරක්ෂක දෙදරු මවගේ ගෙට ජනේලෙන් රිංගලා


සැමියා ගෙදර නැතැයි සිතා 54 හැවිරිදි දෙදරු මවක් සිටි නිවෙසකට අලූයම් කාලයේදී ජනේලයකින් රිංගූ හිටපු සිවිල් ආරක්ෂක භටයකු යතුරුපැදිය සමග ගම්මුන්ට කොටුවී පොලිස් අත්අඩංගුවට පත්වූ බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.


25 හැවිරිදි මෙම සිවිල් ආරක්ෂක භටයා මිතුරකුගේ යතුරුපැදියක් ඉල්ලා ගෙන අදාළ නිවෙසට ගොස් ඇත. නිවැසි කාන්තාව හැර වෙනත් කිසිවෙකු එම නිවසේ නැතැයි සිතා සැකකරු ගියත් එදින නිවසේ සියලූ දෙනාම සිට ඇති අතර සැකකරු ජනේලයෙන් රිංගන විට නිවැසියන්ට ඇහැරී කෑ ගසා ඇත. නිවැසියන්ගේ කෑ ගැසීමට අනුව අවට පදිංචිකරුවන් නිවෙස අසලට පැමිණෙන විට සැකකරු පලා යාමට යතුරුපැදිය පණගන්වා ඇත.

ඒ වෙලාවේ යතුරුපැදිය පණගැන්වී නැති අතර සැකකරු යතුරුපැදිය ද තල්ලූකරගෙන පලා යෑමට උත්සාහ දැරීමේදී ගම්මුන්ට කොටුවී ඇත. ගම්මුන් සැකකරු අල්ලා පසු දින පොලිසියට බාරදී ඇත.

සැකකරු ඊයේ (15) මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මොනරාගල සහකාර පොලිස් අධිකාරි සුගත් ගලගම මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ධර්මප‍්‍රිය සේනාපති සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් 43167 පුෂ්පකුමාර කා.පො.කො. 3149 සුමිත‍්‍රා වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment