නෙදර්ලන්ත ජාතිකයා ලෝකාන්තයේදි යළි උපදී

1
ඉකුත් 10 වැනිදා විවාහ දිවියට පිවිස මධුසමය ගත කිරීමට සිය බිරිය සමග ශ්‍රී ලංකාවට පැමිණි නෙදර්ලන්ත ජාතික තරුණයකු ලෝකාන්තයෙන් පහළට වැටී සිටිය දී යුද හමුදාව සහ පොලිසිය එක්ව බේරාගත්තේය. අද පෙරවරු 9.00ට පමණ ලෝකාන්තයට ආ යුවළ  ඡායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දි   මතිනාස් (35) නම් නෙදර්ලන්ත ජාතික
තරුණයාගේ පය ලිස්සා  ලෝකාන්තයෙන් පහළට වැටී ඇත. එසේ ඇද වැටුණු තරුණයා මීටර් 25ක් පමණ පහළ ගසක එල්ලී සිටි උදව් ඉල්ලා කෑගසා ඇති අතර එම ස්ථානටය ආ ශ්‍රි ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් සුදේශ් ලලින්ද මහතා අධික බෑවුම් සහිත ලෝකාන්තයට කඹයක ආධාරයෙන් බැස පැය තුනකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා එම තරුණයා බේරා ගත්තේය. මේ සඳහා ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ නුවරඑලිය අනුඛණ්ඩයේ, නානුඔය පොලිසියේ වනජීවි නිලධාරීන්ගේ, ගුවන් හමුදාවේ, ලෝකාන්තය නැරඹීමට ආ බොහෝ දෙනාගේ සහ පට්ටිපොල ගම්වාසීන්ගේ ද සහාය ලැබිණි. මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද යොදා ගනු ලැබිණි. නුවරඑළිය මහ රෝහලේ  ප‍්‍රවීන් තරංග හා ජනිත් යන වෛද්‍යවරු ගිලන් රථයක් රැගෙන හෝර්ටන් නැන්නට ගොස් අවශ්‍ය ප්‍රතිකාර කිරීම් සඳහා සූදානම් සිටියහ. බේරාගත් නෙදර්ලනිත් ජාතිකයා නුවරඑළිය රෝහලට රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය.
මෙම අනතුරට ලක්වු තැනැත්තා චීන ජාතිකයකු වශෙයෙන් මුලින් සටහන් වී තිබිණි.
ඡායා ෂෙල්ටන් හෙට්ටආරච්චි
8
 9
 10 11
රංජිත් රාජපක්ෂ
0 1 2 3 4 5 6   7
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment