
සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රි 9.30ට ආලින්දයට එකතුවන අපේ රූපවාහිනී ප්‍රේක්ෂකයින් සිරස නාලිකාව වටා රොක්වන්නේ “මේ ආදරයයි” නරඹන්න. අද වන විට මෙම ටෙලි නාට්‍යය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගෙන තිබෙනවා. විදෙස් ටෙලි නාට්‍යය සිංහලෙන්
දෙබස්් කවා විකාශය කිරීම අද ප්‍රචලිත දෙයක්. මෙම නාට්‍යයත් එවැන්නක්. මංජු කපුර් විසින් රචනා කළ “ජභඵබධඤර” නවකතාව ඇසුරින් ඉන්දියාවේ බලාජි ටෙලි ෆිල්ම්ස් වෙනුවෙන් සමීර් කුල්කාර්නි සහ සාහිල් ෂර්මා විසින් අධ්‍යක්ෂණය කරන “යේ හේ මොහාබත්” ටෙලි නාට්‍යය තමයි “මේ ආදරයයි” නමින් අපේ ආලින්දයට එන්නේ. භණුර මලිත් මෙහි හඬ කැවීම් නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනවා.“මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ ආදරය මැදි කරගෙන දිවෙන්නේ රමන්. ඉෂිතා හා රූහි කියන චරිත තුන. රමන් හා ඉෂිතා පන්ජාබි හා මදුරාසි ජාතික දෙපළක්. ඒ දෙදෙනා ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ එකිනෙකාට වඩා වෙනස් විදියට. මේ දෙන්නව එකතු කරන පුංචි සිඟිත්තිය රූහි. මේ චරිතවලට ආදරය කරන රූපවාහිනී නරඹන්නන් වෙනුවෙන් රමන් - ඉෂිතා හා රූහි වෙනුවෙන් හඬ කවන ශිල්පීන් ගැන තොරතුරු ටිකක් ගෙන එන්න අපි හිතුවා.
“යේ හේ මොහාබත්” ටෙලි නාට්‍යයේ රමන්ගේ චරිතය රඟපාන්නේ කරන් පටේල්. එම චරිතයට සිංහල හඬ මුසු කරන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු. ඉෂිතාගේ චරිතය දිව්යංගා ත්‍රිපාති රඟපානවා. ඉරේෂා ලක්මාලි තමයි ඉෂිතා වෙනුවෙන් හඬ කවන්නේ. පුංචි රූහිගේ චරිතය රුහනිකා ධහවන් දැරිය රඟපාන අතර ඊට හඬ මුසු කරන්නේ “ජනුමි දහම්බි” චූටි දැරිය විසිනුයි.

ජනුමි කලා පවුලක පුංචි දුවෙක්. ඇගේ මව නිළියක් වගේම හඬ කැවීම් ශිල්පිනියක් වන මල් කුමාරි ගීතරාණි. ජනුමිගේ සීයා එච්.එස්. පෙරේරා, නළුවෙක්, වගේම නිෂ්පාදකවරයෙක්. ඇගේ ආච්චි රානි පෙරේරාත් නිළියක්. ජනුමිගේ තාත්තා රෝචන විමලදේව සිරස නාලිකාවේ හඬ කැවීම් අංශයේ කටයුතු කරන හඬ කැවීම් ශිල්පියෙක්. ඔහු තමයි මහගෙදර ටෙලි නාට්‍යයේ කරන්ගේ චරිතයට හඬ මුසු කළේ.
“ජනුමි හරිම නිහඬ ළමයෙක්. මෙයාව වෙළෙඳ දැන්වීමකට තෝරාගත්තම රූපගත කරන තැනට ගිහින් කැමරාව දැකල දුවල ආවා. අන්තිමට අපිට තමයි සිදුවුණේ වෙන බබෙක්ව ඒකට හොයලා දෙන්න. ‘මේ ආදරයයි’ නාට්‍යයට දුවව තෝරා ගනිද්දීත් මම විරුද්ධ වුණා.
මල් කුමාරි තමන්ගේ දුව ගැන ඒ විදියට පැවැසුවා. ජනුමි නිහඬ දැරියක් හින්දා මේ පුවත්පත් කතා බහටත් ඇයව එකතු කරගන්න බැරි වුණා. කොහොම හරි ඉතින් “ මේ ආදරයයි” පළමු හඬ කැවීම් දවසේ පුංචි දෝණිවත් අරගෙන මල් කුමාරි එතැනට ගිහින් තියෙන්නේ දෙගිඩියාවෙන්.
“පළමු වතාවට දුවට තිබුණේ ඉෂිතයි රූහියි මුල්වරට මුණගැහෙන ජවනිකාවට හඬ කවන්න. එයා එකපාරින්ම ඒක හරියට කරද්දි මටත් පුදුම හිතුනා.
ජනුමි දැනට රෝයල් ඉන්ස්ටියුට් හි පළමු වසරේ අධ්‍යාපනය හදාරනවා. ඇය අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒත් “මේ ආදරයයි” නාට්‍යයේ රූහිට බොහොම දිග දෙබස් තියෙනවනේ. නිෂ්පාදක භණුර එම දෙබස් කියලා අදාළ ජවනිකාව රූපවාහිනි තිරය මත දිග හරිද්දී එකම වතාවට ඒ දෙබස් මතක තියාගෙන ටෙලි නාට්‍යයේ දෙතොල සෙලවෙන විදියට අනුව දෙබස් කියන්න මේ දැරියට හැකියාව තියෙනවලු.
“මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ ඉෂිතවත් අපි හමුවුණා.
“මේ ආදරයයි බලන මම හඳුනන අය මුලදි දැනගෙන හිටියෙ නැහැ. මේකට කටහඬ දෙන්නෙ මම කියලා ඒක දැනගත්තට පස්සේ දැන් හැමෝම මට කතා කරලා අහනවා. අන්තිමට රමන්ටයි ඉෂිතටයි මොකද වෙන්නෙ කියල”
හිනාවෙලා අපිත් එක්ක කතා බහට එකතු වුණේ ඉෂිතාට හඬ මුසු කරන ඉරේෂා ලක්මාලි. ඉරේෂගෙ හිනාව ඇහුණාම මට සිහියට ආවේ ඉෂිතව.
“ඉරේෂා සැබෑ ජීවිතයේත් ඉෂිතා වගේද?”
ඉරේෂා ආයෙම හිනාවෙලා පිළිතුරු දුන්නා.
“ඉෂිතාගේ සමහර ගතිගුණ මා ළඟත් තියෙනවා. ඒත් ඉෂිතා කියන්නේ මොන තරම් හොඳ කළත් අන්තිමට නරක නාමය අහන්න වෙන කෙනෙක්. නාට්‍යය බලද්දි මටත් ඉෂිතා ගැන දුක හිතෙනවා. සැබෑ ජීවිතයේදී මට එහෙම වුණොත් මට නම් ඒක දරාගන්න බැරි වේවි.”
ඉරේෂාත් හඬ කැවීම් ශිල්පිනියක්. මහගෙදර ‘ශෝභා’, ගිරිකුල ඇත්තෝ යොමි ස්ටිබල් හි ස්ටිබල් වැනි නිර්මාණවල හඬ කැවීම් ශිල්පිනියක් වූ ඉරේෂා ජීවිතය ලස්සනයි ගජමුතු, ධූලි පිංතාරු වැනි ටෙලි නාට්‍යවල රංගනයටත් එකතු වුණා. මුල් කාලයේ ඇය රූපවාහිනී නිවේදිකාවක්. ජාතික රූපවාහිනියේ “උඩරට මැණිකේ” “හා “නුගසෙවණ” වැඩසටහන්වල නිවේදිකාව වුණේ ඉරේෂා.
“මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ කේන්ද්‍රගත චරිතය රමන්. රමන්ගේ චරිතයට හඬ මුසු කරන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු. වේදිකාව තුළ දක්ෂතම නළුවා ලෙස සම්මාන දිනූ ශ්‍යාම් සිනමා නිර්මාණ කිහිපයකටත් දායක වුණා. ශ්‍යාම් හඬ කැවීමකට ප්‍රථම වතාවට එකතුවුණේ “මේ ආදරයයි” ටෙලි නාට්‍යයේ රමන්ගේ චරිතය තුළිනුයි. රාජිත දිසානායකගේ වීරයා මැරිලා, සිහින හොරු අරං, ආපහු හැරෙන්න බැහැ, ආදර වස්තුව, බකමුණා වීදි බසී වැනි වේදිකා නාට්‍ය සඳහා ශ්‍යාම් රංගනයෙන් එක්වුණා. ඒ වගේම ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ තිරගත වීමට නියමිත “ඔබ නැතුව ඔබ එක්ක” චිත්රපටයෙහි ප්‍රධාන භූමිකාවට එක්වූයේත් ශ්‍යාම්.
ලේ කිරි කඳුළු, බොර දිය පොකුණ, දියයට ගින්දර, ප්‍රේමය නම් වැනි තිරගත වූ සහ තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ රැසකට එක්වූ ශ්‍යාම් වෘත්තියෙන් ගුරුවරයෙක්.
ආරියවංශ කුලතිලක
0 comments:
Post a Comment