
ටිකට් පරීක්ෂාවට බසයට ගොඩවූ නිලධාරියකුට සිදුවූ පටළැවිල්ලක් පසුගියදා බස් රථයකදී දැක ගැනීමට හැකිවිය.
ඔහු නවක නිලධාරියෙකි. ටිකට් පරීක්ෂාවට පෙර දින කිහිපයක් ඔහුට පුහුණුව ලබා
බසයේ ඉදිරි අසුණේ පෙනුමෙන් සිත් ඇද බැඳ ගන්නා තරුණියෝ කිහිප දෙනෙක්ද සිටියහ. වරක් ඔහු ඉන් එක් තරුණියක දෙස බැළුවේය. තවත් වරක් තවත් තරුණියක දෙස බැළුවේය.
බස් එකට ”චෙකර්ලා” පැනලා අයෙක් කියනු ඇසුණි.
ඒ සමඟම නවක නිලධාරියා තරුණියන් ඉදිරියේ සිය බලය පෙන්වීමට සිතමින් සැණෙකින් ඉදිරියට පැන කොන්දොස්තරවරයාගේ අතේ තිබූ ටිකට් යන්ත‍්‍රය උදුරා මෙන් අතට ගත්තේය. යන්ත‍්‍රය අතින් නිදහස් කොට ඔහු මූණ ඇඹුල් කර ගත්තේය.
අනේ මහත්තයෝ ඕක මම හම්බ කරන් කන මැෂින් එක ඕකට මුකුත් කරන්න එපා.
එවිට නවක නිලධාරියා මෙසේ කීවේය. හරි හරි හම්බ කරගෙන කන හැටි තමයි අපි මේ පරීක්ෂා කරන්න යන්නේ.
එසේ කියමින් නිලධාරියා ටිකට් යන්ත‍්‍රය එහාට මෙහාට හැරෙව්වේය. ඔහු අන්දුන් කුන්දුන් වීය. කෝ මේකේ ටිකට් කොහෙන්ද එන්නේ. නැවතත් ඇසීය.
අනේ මහත්තයෝ ඕකෙන් ටිකට් දෙන්න බෑ ඔය මොබයිල් ෆෝන්වලට රී ලෝඞ් දාන මැෂිමක්.
තත්ත්පර ගණනකදී නිලධාරියාට සියල්ල වැටහුණේය.
කොන්දොස්තර යැයි සිතා ඔහු යන්ත‍්‍රය උදුරාගෙන තිබුණේ බසයට ගොඩවී මගීන් වෙනුවෙන් පෙරගෙවුම් නිකුත් කරමින් සිටි පුද්ගලයකුගෙන්ය. ඔහු වේගයෙන් බසයේ පසුපස දොර අසළට ගියේය.
0 comments:
Post a Comment