පාර්ලිමන්ට් ජෝක්ස් චිත‍්‍රපට නිෂ්පාදක රිමාන්ඞ්


පාර්ලිමන්ට් ජෝක්ස් නමැති ප‍්‍රකට චිත‍්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලාල් කළුආරච්චි නවක නිළියක දුෂණය කිරීමේ වරදකට බන්ධනාගාරගත කෙරුණා.ඔහු 2013 වසරේ දිනයක සිය කාර්යාලයට
මන්දාකිනි රණසිංහ නමැති නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා ආරාධනා කර ඇය පැමිණි පසු සිසිල්පැන් සංග‍්‍රහයක් සිදු කර ඇති අතර එම අවස්ථාවේදී සිසිල් පැන්වලට මත්පෙති මිශ‍්‍ර කොට ඇයව සිහි විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව දුෂණය කර ඇති බවට චෝදනා ලැබ තිබෙනවා. 
තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් ඇය නාරාහේන්පිට පොලිසියට පැමිණිලිකොට ඇත.එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස නිෂ්පාදකවරයා විසින් ඇයට මරණ තර්ජන සිදු කරද ඇත.මේ සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙනවා.

මේ අතර පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත‍්‍රපට නිෂ්පාදකවරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26)නියෝග කළා.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment