පන්දහසක් දාපු බැංකු පොත බැංකුවට දුන්නාම රු. 82 ක් වෙලා


කඩිනමින් බැංකුව තුළට ඇතුළු වූ තරුණයෙකි. මුදල් තැන්පත් කරන පෝරමයක් අතටගත් හෙතෙම එය පුරවා, රුපියල් පන් දහසක් සමඟ භාර දුන්නේ කවුන්ටරයේ සිටි නිලධාරිනියටය. ලදුපත ලබාගත් ඔහු තම
සාක්කුවෙන් බැංකු පොතක් ගෙන ”මිස් මේක මට අප්ඬේට් කරලා දෙන්න” යැයි පැවසීය. බැංකු පොත ගත් නිලධාරීනිය සුළු වේලාවකින් ”මේ පොත කාගේදැයි” විමසුවාය. මේක මගේ එකවුන්ට් බුක් එක” තරුණයාගේ පිළිතුර විය.

”සර් ඩිපොසිට් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ කැපෙනවා. ඇය කීවාය ”මට තේරුණේ නැහැ” තරුණයා විමසීය. එවිට නිලධාරිනිය ”සර්ගේ පොතේ බැලන්ස් එක රුපියල් දෙසීයට අඩුනම් මාසෙකට රුපියල් දහය ගානේ අඩුවෙනවා” යැයි පවසා ”මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයිනේ” යැයි කීවාය.

” ඕකේ රුපියල් ලක්‍ෂ එකහමාරට වඩා තියෙන්න  ඕනේ. දැනුත් රුපියල් පන්දාහක් දැම්මනේ” තරුණයා විශ්මයෙන් පැවසීය. ”ඒ උනාට මේකේ තියෙන්නේ රුපියල් අසූ දෙකයි” නිලධාරිනිය නැවත පැවසූවිට, ”එහෙම වෙන්නේ කොහොමද?” තරුණයා පුදුමයෙන් ඇසීය. ”ආ සර්, මෙන්න පොත බලන්න” ඇය බැංකු පොත ඔහුට දිගු කළාය. ”හත් වලාමයි” ඔහුට කියැවිණි. ඔහු ගෙනැවිත් තිබුණේ තම බිරිඳගේ බැංකු පොතය. ”වෙරි සොරි මිස්” යැයි පැවසූ හෙතෙම බැංකුවෙන් පිටතට පැමිණියේය.
(ක‍්‍රිස්ටෝපර් සිපියන්)

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment