එදා සෙනසුරාදා දිනයකි. සිද්ධිය නෙත ගැටුණේ හෙට්ටිපොළ සති පොළේදීය. කුරුණෑගල මාර්ගයේ සිට පැමිණි ටාටා බස් දෙකක් සාමාන්‍ය වේගයකින් හෙට්ටිපොළ නගරය පසුකරමින් හලාවත දෙසට ඇදෙන්නට විය.
බස් රථ දෙකෙහිම දෝංකාර දෙන සංගීත නාදය නිසාත් අත්පුඩි ශබ්දය නිසාත් මගදෙපසෙහි බඩු මිලදී ගනිමින් සිටි කීප දෙනෙක් බසය දෙස බැලූහ.
බස් රථ දෙකෙහිම තරුණ පිරිස සාජ්ජය පැවැත්වූවේ හිටගෙනය.
තරුණයන් අතරින්පතර තරුණ විය ඉක්මවූවන් කිහිප දෙනෙක් එලෙසින් සාජ්ජයට එක්වී සිටියහ. මේ අතර ඉදිරියෙන් ගමන් ගත් බස් රථයෙන් මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් බස් රථයෙන් බිමට පැන්නේය. තමා ගමන් ගත් බස් රථයේ දී ලබාගත් සතුට අනෙක් බස් රථයෙන් ද ලබා ගැනීමට ඔහුට සිතෙන්නට ඇත.
බස් රථයෙන් පැන්න ඔහු බිම ඇදවැටිණි. බස් රථය සෙමින් ගමන් කළ නිසාවෙන් ඔහුට අනතුරක් නොවීය. වැඩ පෙන්වීමට ගොස් සිදුවූ අකරතැබ්බයෙන් ලැජ්ජාවට පත් ඔහු නැගිට කඩිමුඩියේ දිව ගොස් පිටුපසින් ආ බසයට නැග්ගේය.
0 comments:
Post a Comment