
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 148ක විශිෂ්ට ජයක් වාර්තා කළේ ය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් අගනා ඉනිමක් ක්‍රීඩාකරමින් කුමාර්
සංගක්කාර ලකුණු 124ක් ද, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 104ක් දරැස් කළහ. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 363ක් රැස් කළේ ය.
ලකුණු 364ක ඉලක්කයක් කරා හඹා ගිය ස්කොට්ලන්තය පන්දුවාර 43යි එක් පන්දුවකදී සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.
ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් අභිබවා යමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ගණනකට දායක වූ කඩුලුරකින්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නා වන කුමාර් සංගක්කාර අද සමත්විය. සිය 36 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ කුමාර් සංගක්කාර කඩුලු54ක් දවා ගැනීම සඳහා දායක වී තිබේ. ඒ, උඩ පන්දු 41ක් රැක ගනිමින් සහ ස්ටම්ප් (Stump) කිරීම් 13කට දායක වෙමිනි.

0 comments:
Post a Comment