බංගලාදේශ් පන්දු යවන්නාට නිළියගෙන් අපූරු තෑග්ගක්

rubel happy
බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වේගපන්දු යවන්නෙකු වන රුබෙල් හොසේන්ට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් ඉල්ලා අස්කර ගන්නට එරට නිළියක් කටයුතු කළාය. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පළමු වරට බංග්ලාදේශය සමත්
වීමත් සමඟ ක්‍රිකට් කණ්ඩායමට සිය ගෞරවය දැක්වීම සඳහා ඇය එම කැපකිරීම කොට තිබේ. තමන් සමග විවාහ වන බවට පොරොන්දු වෙමින් රුබෙල් හොසේන් තමන් ව දූෂණය කළ බව පවසා 19 හැවිරිදි නස්මින් හැපි නමැති අදාළ නිළිය එරට අධිකරණයක ගොනු කළ නඩුවකින් චෝදනා මෙලෙස ඉවත්කරගෙන ඇත. සිය කණ්ඩායම අවසන් වටයට ගෙන යාම සඳහා සිය පැරණි පෙම්වතා දැක්වූ සුවිශේෂී දායකත්වය සැලකිල්ලට ගෙන ඊට ගරු කිරීමක් සඳහා ඔහුට සමාව දීමට තීරණයකළ බව ඇය කියයි.
happy-bangladesh
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment