
ස්විට්සර්ලන්තය යනු අතිශයින් සුන්දර රටකි. එමෙන්ම එහි වියදම ද ඉතා ඉහළ අගයක පවතී. ලොව උසස්ම සහ අධික මිලක් අය කරන පාසල පිහිටා තිබෙන්නේ ද ස්විට්සර්ලන්තයේය. ඒ ‘ස්කූල් ඔෆ් කිංග්ස්’ ලෙස හඳුන්වන “ඉන්ස්ට්ටියුට් ල රෙසේ’ නම් පාසලයි.
1880 වසරේ ඉදිකරන ලද්දක් වන එය බෝඩිං ස්කූල් නොහොත් නේවාසික පාසලකි. එයට ස්කූල් ඔෆ් කිංග්ස් යන නම ලැබි ඇත්තේ අතීත රජවරුන් බොහොමයක් එහි ආදි සිසුන් නිසාය. ඊජිප්තුවේ දවෛනි ෆුවට් රජු, ජුලියන් කැසබ්ලැන්කාස්, බෙල්ජියමේ දවෛනි ඇල්බර්ට් කුමරු හොසේ ෆෙරර් වැනි රාජ්‍ය නායකයින් ඒ අතර වේ.
මෙම පාසලට ඇතුළු වීම සඳහා මුදල් තිබිම පමණක් ප්‍රමාණවත් නොවේ. ඇතුළත් වීම සඳහා සෑම ශිෂ්‍යයකු සහ ශිෂ්‍යාවකම විභාගයකට මුහුණ දිය යුතුය. එය ඉතා තරගකාරී සහ ඉතාම අපහසු විභාගයක් ලෙස සැලකේ. ඇතුළත් වීමේ විභාගයට මුහුණ දෙන සිසුන් ගෙන් සියයට තිහක් පමණක් පාසලට බඳවා ගනිති. ඔවුන් අතිදක්ෂ සිසුන් වන අතර එක් සිසුවකු විසින් පාසලට ගෙවිය යුතු මුදල ඇමෙරිකන් ඩොලර් එක් ලක්ෂ අසූදහසක් පමණ වේ. මෙවැනි විශාල මුදලක් වාර්ෂිකව ගෙවිය යුතු වන නිසාම මෙම පාසලට ඇතුළුවන්නේ ප්‍රභූ පවුල්වල දරුවන් සහ ධන කුවේරයන්ගේ දරුවන් පමණි. ඒ නිසාම පැය 24 පුරාම පාසලට දැඩි ආරක්ෂාවක් සපයා තිබේ.

ඕනෑම රටක සිට පැමිණි සිසුවකු මෙහිදී අනිවාර්යයෙන්ම භාෂා දෙකක් ඉගෙන ගත යුතුය. ඒ ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවයි. අනෙක් භාෂා තමාට කැමති පරිදි තෝරා ගන්නට සිසුවාට අවස්ථාව තිබේ. ගැස්ටාඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් පළමු වසරේදී බැඩ්මින්ටන් සහ අශ්වයන් පැදීම අනිවාර්යයෙන්ම කළ යුතුය. දෙවන වසරේදී ස්නෝබෝඩිං ක්‍රීඩාව ද, තුන්වන වසරේදී ටෙනිස් සහ නර්තනය ද අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුය. පන්ති කාමරය තුළ සිදුකරන ක්‍රියාකාරකම් හැරුණු විට සෑම සතිඅන්තයකදීම සිසුන් චිත්‍ර කර්මය ප්‍රගුණ කළ යුතුය. ඊට අමතරව එක් පාසල් වාරයකට වරක් යුරෝපය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ජර්මනිය ආදී රටවල අධ්‍යාපන චාරිකා සඳහා සිසුන් සහභාගි කරවනු ලැබේ.
ඔක්තෝබර් මාසය ද ල රොසේ සිසුන්ට විනෝදකාමී මාසයකි. ඒ ඔවුන් සිය සංස්කෘතියට එහා වූ වෙනත් සංස්කෘතියක් ඇති රටවල් සඳහා වූ චාරිකාවලට සහභාගි කරවන නිසාය. බොහෝ විට ඉන්දියාව, අප්‍රිකාව, චීනය වැනි රටවල් මේ සඳහා තෝරා ගනී. මෙහිදී ඔවුන් ඒ ඒ රටවල තමා විසින් ගත් යම් අංශයක් පිළිබඳ නිබන්ධයක් ලියා ඉදිරිපත් කළ යුතුය. එය වෙනත් රටවල සංස්කෘතීන්, ආගම්, ආහාරපාන, ක්‍රීඩා. අධ්‍යාපනය, නාට්‍ය හෝ කලා කටයුතු, පුරාවස්තු සාමාන්‍ය ජන ජීවිතය, දේශපාලනය, විවාහ ජීවිතය, ජනමාධ්‍ය ආදී ඕනෑම මාතෘකාවක් තෝරා ගන්නට සිසුන්ට අවසර තිබේ.
මෙම පාසලේ ඉගෙන ගන්නා සිසුන් විසින් පිළිපැදිය යුතු විනය නීති මාලාවක් තිබේ. ඉන් පළමුවැන්න තමා කෙතරම් උසස් ප්‍රභූ පවුලක දරුවෙකු වුවද

තුන්වන නීතිය ලෙස සිසු සිසුවියන් අතර පෙම් සබඳතා ඇතිවීම තහනම්ය. යම් ආකාරයක පෙම් සබඳතාවක් ඇති වුවහොත් එය දෙමාපියන් වෙත දන්වා දරුවන්ට අවවාද කිරීමට ගුරුවරුන් පියවර ගනී. එසේ වුවද පෙම් සබඳතාවලින් නොනැවතී ඔවුන් විනය විරෝධී ලෙස හැසිරුණහොත් දෙදෙනාවම පාසලෙන් නෙරපා හරිනු ලබයි. හතරවන නීතිය විභාග වංචා හා සම්බන්ධ වේ. සෑම සිසුවෙකුම නියමිත පරිදි විභාග සඳහා සූදානම් විය යුතු වන අතර කොපි කිරීම වැනි වංචා සිදුකර හසුවුවහොත් එක් අවුරුද්දක් පහළ පන්තියේ ඉගෙන ගන්නට ඔහුට හෝ ඇයට සිදුවේ. එනම් ඉහළ පන්තියේ සිට පහළ පන්තියට වැටීමයි.
පස්වන නීතිය මුදල් පරිහරණය පිළිබඳවය. කිසිම සිසුවකු ළඟ ඇමෙරිකන් ඩොලර් සියයකට වඩා වැඩි මුදලක් තබා ගැනීම නීති විරෝධීය. තමා ළඟ වැඩිපුර ඇති මුදල් මේට්‍රන් වෙත ලබාදිය යුතු අතර තමාට මුදල් අවශ්‍ය වූ විට අවශ්‍ය කාරණය ඉදිරිපත් කර මුදල් ලබා ගත හැකිය. එසේ මුදල් ලබා දෙන්නේ කාරණය සාධාරණ වුවහොත් පමණි.
මේ ආකාරයේ දැඩි විනය නීතිවලට අනුව සිසුන් අධ්‍යාපනය ලබන නිසාම ඔවුන් සමාජයට යහපත් පුද්ගලයින් ලෙස සමාජගත වේ. ල රොසේ පාසලේ අධ්‍යාපනය ලබා තිබිම ස්විට්සර්ලන්තයේ පමණක් නොව යුරෝපා රටවල් කිහිපයක උසස් තනතුරු සඳහා රැකියා ලබා ගැනීමේදී වැඩි වාසියක් වන කාරණයකි. මේ නිසාම ල රොසේ සිසුන්ගෙන් සියයට අනූනවයක්ම ලොව පිළිගත් පුද්ගලයින් බවට පත් වීම පුදුමයට කරුණක් නොවේ.
දුලංජලී මුතුවාඩිගේ
0 comments:
Post a Comment