
සිංහල අලුත් අවුරුද්දට අලුත් වන ජීවිතවලට අලුත් ඇඳුම් ද නැතිවම බැරි අංගයක් බව කිව යුතු නොවේ. අවුරුදු සමරන අපි නා නා විලාසිතාවල ඇඳුම් සොයද්දී නූල්‍පොටක තරම්වත් ඇඳුමක් නොඅඳින ස්ත්‍රී
පිරිසක් ද මේ ලෝකයේ සිටින බව අමතක කළ යුතු නොවේ. මෙම නිරුවත් මිනිසුන් කුඩා ගෝත්‍ර වශයෙන් ජීවත් වෙති. ලෝකයේ රටවල් කීපයකම බාහිර ලෝකය සමග සබඳතා නැති මෙවැනි නිරුවත් ගෝත්‍රිකයන් ජීවත් වන බව ලොව මානව විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. මෙහි විශේෂත්වය වනුයේ පුරුෂ පක්ෂය සේම කාන්තා පක්ෂය ද නිරුවතින් ජීවත් වීමය.2008 වසරේදී බිබිසී සේවය විසින් සිදු කරන ලද ගවේෂණයකින් පසු බ්‍රසීලය සහ පේරු රාජ්‍යය මායිමේ ජීවත් වන මෙවන් නිරුවත් ගෝත්‍රයක් පිළිබඳ
කරුණු රැසක් සොයා ගෙන ඇත. මෙම ගෝත්‍රිකයන් බොහෝ දුරට ඉන්දියානුවන්ට සමාන වන බැවින් බිබිසී සේවය ඔවුන් නම් කරන ලද්දේ “ඵධතචබඥඤ ඪදඤඪචදඵ” නොහොත් “හුදෙකලා ඉන්දියානුවන්” නමිනි. සාමාජිකයන් හතළිහත් පනහත් අතර පිරිසකගෙන් යුතු මෙම නිරුවත් මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාව ආහාර පමණි. අවශ්‍ය ඕනෑම මොහොතක සතෙකු දඩයම් කර ගන්නා මොවුන්, සාමාජිකයන් අතර සමසේ බෙදා හදාගෙන එය අනුභව කරති. ගෝත්‍රයේ ඕනෑම කෙනෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීම ඔවුන්ගේ සිරිතය. දරුවන් ඇති දැඩි කිරීම කාන්තාවන්ට අයත් කටයුත්තක් වුවද කාන්තාවකට දරුවකු ලැබුණු පසු ඔහු ඇතිදැඩි කිරීම ගෝත්‍රයේ ඕනෑම කාන්තාවක විසින් සිදු කරනු ලබයි. ඔවුන් අතර කිසිම අවස්ථාවක පවුල් සංස්ථාමය බැඳීම් නොමැති බවද බිබිසී සේවය විසින් වාර්තා කර තිබේ.

නමුත් මෙම ආදීවාසී ගෝත්‍රිකයන් සම්බන්ධයෙන් ඇතැම් මානව විද්‍යාඥයන් දක්වනුයේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසකි. එනම් තම ගෝත්‍රයම පවුලක් සේ සලකන ඔවුන් තුළ ද මානුෂීය ධර්ම සේම චාරිත්‍රමය පක්ෂයක් ද ඇති බවය. ලෝක ප්‍රකට ප්‍රංශ මානව විද්‍යාව ලෙවී ස්ටුවුස් දැඩිව මේ ස්ථාවරයේ පසුවන්නෙකි.

දහසක් පමණ වෙතැයි කියනු ලැබේ. පසු කාලයේ වෙනිසියුලාවේ ගංගා නිම්න වෙත සංක්‍රමණය වූ යනොමමි ගෝත්‍රිකයන් දහසය දහසක් පමණ මේ දක්වා ඒ ආශ්‍රිතව ජීවත් වෙති. අසූව දශකයේ මූල භාගය වන විට සම්පූර්ණයෙන්ම නිරුවත්ව ජීවත් වුවද වර්තමානය වන විට සමහර යනොමමි ගෝත්‍රිකයන් යත්නම් විළි වසා ගන්නට පෙළඹී තිබේ. නමුත් වර්තමානයේ පවා ඔවුන්ගේ සාම්ප්‍රදායික උත්සවවලදී යනොමමි සියලුම සාමාජිකයන් සම්පූර්ණයෙන්ම නිරුවත් වීම අපූරු සංසිද්ධියකි.
අන්දමන් දූපත්වල මේ දක්වා ජීවත් වන ඇබෝජින් ගෝත්‍රයට අයත් වැසියන් ද නිරුවතින් ජීවත් වන ගෝත්‍රිකයන්ය. ඔවුහු දකුණු දිග බෙංගාල බොක්ක ප්‍රදේශය දක්වා පැතිරී සිටිති. වැසියන් හත් දහසකින් පමණ යුතු මෙම ගෝත්‍රිකයන් සිය විළි වසා ගැනීමට වඩා කාන්තාවන් රහස් ප්‍රදේශ ආශ්‍රිතව වර්ණවත් සායම් ආලේප කර ගන්නට උනන්දු වන පිරිසක් ලෙස සැළකිය හැකිය. ඔවුන් ගස්වල පොතු වර්ග කොටා සකසා ගන්නා සායම් වර්ග මැලියම් සමග මිශ්‍රකර පියයුරු කලවා ආදී ප්‍රදේශවල ආලේප කරගනිති. මොවුන් ඒ සඳහා භාවිත කරන වර්ණ අනුව ඔවුන්ගේ කුලය ගෝත්‍රයේ අනිකුත් සාමාජිකයන්ට සන්නිවේදනය කරති. මෙහි විශේෂත්වය වනුයේ මෙම ඇතැම් ගෝත්‍රවල නිරුවත් කතුන් ඇඳුම් ගැන තැකීමක් නොකළ ද කුරුළු පිහාටු හිස් වැසුම් සහ දැව අබරණ පැළඳීමය.

එහි අරුත “දරුවන් පිටේ එල්ලා ගෙන සිටින” යන්නයි. මෙම ගෝත්‍රයේ කාන්තාවන් එහා මෙහා ගමන් කරන්නේ සිය කුඩා දරුවන් පිටේ එල්ලා ගෙනය. කුඩා දරුවන් කිරි දීම සඳහා පමණක් ඉදිරිපසට ගන්නා අතර නින්ද යාමෙන් බිමට වැටීම වළක්වා ගැනීම සඳහා වැල් පොටකින් දරුවා පිටට තබා ගැට ගසා ගනිති. විශාල ගස් උඩ අතු නවා සාදා ගන්නා ලද කූඩාරම් වැනි සෙවිලි තුළ ජීවත් වන කවහිවා ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන අවශ්‍යතාව ආහාර පමණි. මෙම ගෝත්‍රික කාන්තාවන් අතර පවත්නා තවත් විශේෂත්වයක් තිබේ. එනම් දඩයම ඇතුලු ඕනෑම කාරියකදී ඔවුන් පුරුෂ පක්ෂය හා හරි හරියට ඉදිරිපත් වීමය.
බ්‍රසීලයේ කියුමිනාපැනිමා ගංගාව අසබඩ ශිෂ්ටාචාරගත වී සිටින “ටියුපි ගුවරනි” නම් නිරුවත් ගෝත්‍රය යම් ආකාරයකට බාහිර ලෝකයට සමාන හැසිරීම් දරති. “සූ” ගෝත්‍රිකයන් ලෙස හඳුන්වන්නේ ද ඔවුන්මය. ඔවුන් සිය ප්‍රධාන ආහාරය සඳහා වැසි වනාන්තර තුළ මඤ්ඤාෙක්කා වගා කරති. ඊට අමතරව වසරේ යම් යම් කාලවලදී බඩඉරිඟු, කෙසෙල් ආදී බෝග වර්ග ද වගා කරති. සර්ව භක්ෂකයන් වන ඔවුන් වනාන්තරයෙන් දඩයම් කර ගන්නා සතුන් ආහාරයට ගනිති. ඔවුන්ගේ ප්‍රධාන මාංශය ඇමේසන් වඳුරන්ය. වනාන්තරයෙන් වඳුරන් දඩයම් කර ආහාරයට ගත්ත ද සූ ගෝත්‍රිකයන් සුරතලයට ඇති කරන ප්‍රධාන සත්වයා වන්නේ ද වඳුරාය. සිය සිරුරු අලංකරණය කර ගැනීම සඳහා විවිධ වර්ණ සහිත සායම් ආලේපන කිරීම මෙන්ම ආභරණ පැළඳීම ද ඔවුන්ගේ සිරිතකි. නිකට ප්‍රදේශයේ අඟල් හයක් පමණ දිගු ආභරණයක් පැළඳීම “සූ” ගෝත්‍රයේ අනන්‍ය ලක්ෂණය ලෙස සැලකිය හැකිය.
මානව විද්‍යාඥයන් පවසන්නේ බොහෝ නිරුවත් ගෝත්‍රිකයන් සමග බාහිර ලෝකය සබඳතා නොපවත්වන්නට හේතුව ඔවුන් සන්නිවේදනය සඳහා භාවිතා කරන සංඥා පිළිබඳව ඇති විවිධ ගැටලු සහ ඔවුන් තුළ ඇති ම්‍ලේච්ඡ ගති ස්වභාවයන් විය හැකි බවය.
ඒ කෙසේ වුවද මීට වසර දහස් ගණනකට පෙර ජීවත් වූයේ යැයි සැළකෙන කොළ අතුවලින් විලි වසාගත් අපේ මුතුන් මිත්තන්ටත් වඩා සංවර්ධනයෙන් අඩු ප්‍රාථමික ගෝත්‍රිකයන් කොට්ඨාසයක් වර්තමානයේ පවා ලොව තැනින් තැන හෝ දක්නට ලැබිම පුදුමයට කරුණකි.
දුලංජලී මුතුවාඩිගේ අන්තර්ජාලය ඇසුරිනි.
0 comments:
Post a Comment