මම නම් කැමතියි බබෙක් ඉන්නවනම්

ඉතින් කොහොමද ශේෂාද්‍රි?
හොඳින් ඉන්නවා. මේ දවස්වල ඉන්දියාවේ
අධ්‍යක්ෂවරයෙක් අධ්‍යක්ෂණය කරන සංදේශ් කුමාර්

නිෂ්පාදනය කරන චිත්‍රපටයක වැඩ භාරගෙන තියෙනවා. මැයිවල තමයි ෂූටින් පටන් ගන්නේ. ඒ නිසා මේ දවස්වල ගෙදරට වෙලා විවේකීව ඉන්නවා.
 අලුත් ජීවිතේ තොරතුරු ටිකකුත් කියමු?
නාවල අපි දෙන්නගෙම ගෙදර තමයි දැන් ඉන්නේ. ඉතින් ගෘහණියක් විදියට ගෙදර කටයුතු හොඳින් කරගෙන සම්පත් එක්ක සතුටින් ආදරයෙන් ඉන්නවා.
 ඒ කියන්නේ ශේෂාද්‍රිට රසට උයන්නත්
පුළුවන් ?
(හිනැහී) ඔව්, ඔව්, හැමදාම උයනවා. කොහොමත් සම්පත්ට කෑම හදලා දෙන එක හරිම ‍ලේසියි. එයා හදලා දෙන ඕන දෙයක් කනවා. අලුත් දේවල්වලට ගොඩාක් කැමතියි. ඒ නිසා මමත් අලුත් අලුත් කෑම වර්ග හදලා දෙනවා.
 චිත්‍රපටවල විතරද රඟපාන්නේ?
ඔව්, මම ක්‍ෂේත්‍රයට එන්නේ 2009දී. එදා ඉඳලා අද වෙනකන් චිත්‍රපටවල විතරයි රඟපාන්නේ. චිත්‍රපට 10කට පමණ මේ වෙනකොට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝවලට මම පෙනී ඉන්නේ නැහැ.
 ඇයි ඒ?
වැඩ ගොඩක් පටලවගෙන කාර්යබහුල වෙන්න මම ආස නැහැ. එතකොට කරන වැඩෙත් හරියට කරන්න බැහැ. ඒ නිසා චිත්‍රපට වුණත් අවුරුද්දකට එකක් කළාම මට ඇති. එහෙම නැතුව එකක් ඉවර වෙන්න එකක් බාර ගන්නේ නැහැ. මම නිදහසේ ඉන්න ගොඩාක් කැමති කෙනෙක්.
 අලුතින් පටන් ගත්ත ව්‍යාපාර කටයුතු කොහොමද?
(හිනැහී), ඒක ලොකුවට කරන දෙයක් ‍නෙවෙයි. ඇඳුම් ජුවලරි තමයි තියෙන්නේ. ඉඩඥර ච්ජ් ඉඩඥඵඩචඤපඪ කියන මගේ ෆෑන් පේජ් එකට ඇවිත් ඒ ගැන දැනගන්න පුළුවන්. දැනට නම් ගෙදර ඉන්න ගමන් ඒ වැඩකටයුතු හොඳින් කරගෙන යනවා. ඉදිරියේදී තවත් ව්‍යාපාර කටයුතු දියුණු කර ගන්න නම් පුංචි බලා‍පොරොත්තුවක් තියෙනවා.
 ඒ කියන්නේ ශේෂාද්‍රි ඉදිරියේදී ව්‍යාපාරිකාවක් වෙයි කියන එකද?
ම්.. ම් එහෙම තමයි හිතන් ඉන්නේ. කොහොම වෙයිද දන්නෑ. කොහොමත් ව්‍යාපාරිකාවක් වෙන එක ඉස්සර ඉඳලම මගේ හිතේ තිබුණු හීනයක්
 දිනක්ෂි, ශේෂාද්‍රි, ෂනුද්‍රි ඔයාලා තුන්දෙනාගෙන් වැඩිපුරම ජනප්‍රිය කවුද?
මම නම් හිතන්නේ අක්කි දිනක්ෂි තමයි වැඩිපුරම ජනප්‍රිය.
 ඉක්මනට විවාහ වුණ නිසා ජනප්‍රියත්වය අඩුවුණා කියලා හිතෙන්නේ නැද්ද?
ජනප්‍රියත්වය අඩුවෙලාද වැඩිවෙලාද නම් දන්නේ නැහැ. කොහොමත් ජනප්‍රිය වෙන්න හරි, ජනප්‍රියත්වය තියාගන්න කියලා හරි මගේ ජීවිතේ අවශ්‍යම දේවල් නැති කරගන්න මම කැමති නැහැ. මම ජනප්‍රියත්වය පස්සේ යන කෙනෙක් ‍නෙවෙයි.
විවාහ වුණා කියලා මට හිටපු ප්‍රේක්ෂක පිරිස අඩුවෙලා නැහැ. ඒකම ඇති මට සතුටු වෙන්න.
 චිත්‍රපට නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහසක් නැද්ද?
දැනට නම් එහෙම අදහසක් නැහැ. ඒත් මට ඒ සඳහා යොදවන්න මූල්‍යමය අතින් හොඳ ස්ථාවරයක් තියෙන කාලයක සිනමා ක්‍ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් හොඳ දෙයක් කිරීමේ ආසාවක් නම් තියෙනවා.
 විවේකී වෙලාවට මොනවද කරන්නේ?
සම්පත් ගෙදර ඉන්නව නම් චිත්‍රපට බලනවා. නැත්නම් කොහේ හරි ඇවිදින්න යනවා. ගොඩාක්ම කරන්නේ කන්න යන එක තමයි.
ක්‍ෂේත්‍රයේ ළඟින්ම ආශ්‍රය කරන්නේ කවුද?
මම හැමෝම එක වගේ තමයි ආශ්‍රය කරන්නේ. සාමාන්‍යයෙන් ශලනි, රයිනි එක්ක වැඩිපුර කතා කරනවා. ඊට අමතරව පුබුදු අයියා, හේමාල් මේ හැමෝම හොඳ යාළුවෝ තමයි.
 කවදාද දෙන්නා තුන්දෙනා වෙන්නේ?
(හිනැහී) මම නම් කැමතියි බබෙක් ඉන්නවනම්. ඒත් එක අදද හෙටද, තව මාසෙකින්ද අවුරුද්දකින්ද කියන්න බැහැ. වෙලාව ආවහම එයා අපි ළඟට එයි.

වරුණි උමේෂා විතානගේ
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment