රතිඤ්ඤා කරලක් එක්ක කවරය ළිපට දාලා


අලූත බැඳපු යුවළක් කන්ද උඩරට ඉඳලා මහගෙදර මනමාලයගෙ නිවසේ පදිංචියට ඇවිත් හිටියලූ. අලූත් මනමාලි ගෙදර දොරේ වැඩට ගොඩාක් දක්‍ෂයිලූ. උදෑසනින්ම අලූත් මනමාලි ගෙදර දොර අස්පස්කරල අවුරුද්දට නැකතට පත්තු කරන්න රතිඤ්ඤා
වෙන්කරල රතිඤ්ඤ පෙට්ටි ඔතපු කවර ටිකත් ළිපට දාන්න කුස්සියට ගෙනිහින් තිබ්බලූ.
ඔය අතර අලූත් යුවළ බලන්න නෑයෝ කට්ටියකුත් ආවලූ. මනමාල මහත්තයගෙ අම්ම කිව්වලූ අලූත් මනමාලි එක්ක කතා කරන්න දේවල් ඇති මම තේ එකක් හදන් එන්නම් කියලා. මනමාලයගෙ අම්ම කුස්සියට ගිහින් ටික වේලාවකින් ඩෝං කියල මහ සද්දයක් කුස්සිය පැත්තෙන් ආවලූ. ඒ එක්කම මනමාල මහත්තයගෙ අම්ම මූණ පුරාම අලූ ගාගෙන නෑයෝ කට්ටිය හිටපු තැනට ආවලූ.
සිද්ධිය මොකක්ද කියල බැලින්නම් අර රතිඤ්ඤ කොළ අස්සෙ බැරිවෙච්ච රතිඤ්ඤයක් තිබිල ඒ කොළයක් ළිපට දාල අම්ම තේ හදන්න පත්තු කරල ඒ රතිඤ්ඤයක් පත්තු වෙලා සිද්ධිය වෙලා තියෙන්නෙ කියල මනමාල මහත්තයට තේරුම් ගියාලූ. නිවසේ සියලූම දෙනා මනමාලිට ගොඩාක් ආදරේ නිසා ප‍්‍රශ්නයක් වුණෙත් නෑලූ.
අලූත් යුවළ බලන්න ආපු නෑයො කිවුවලූ අලූත ගෙනා මනමාලි සද්දෙ දාලම වැඩ පටන් අරගෙන කියල සියල්ලන්ම සතුටින් හිනා වුණාලූ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment