
දැන් ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
සාමාන්‍යයෙන් අපි ළමාවිය,
තරුණවිය, මැදවිය වශයෙන් ජීවිතයේ විවිධ අවදි බෙදනවා. දිගුකාලීන ළමාවියක් ගෙවලා තමයි මම එය
අවසන් කරලා විවාහ දිවියට ඇතුළත් වුණේ කියලා තමයි මට නම් හිතෙන්නේ.සාමාන්‍යයෙන් අපි ළමාවිය,
තරුණවිය, මැදවිය වශයෙන් ජීවිතයේ විවිධ අවදි බෙදනවා. දිගුකාලීන ළමාවියක් ගෙවලා තමයි මම එය
ධනංජය හිනාවෙලා එහෙම කියද්දී ශෂිනිත් අපේ කතාබහට එකතු වුණා.
ජීවිතය ගැන දැන් වැඩියෙන් වගකීමක් දැනෙනවා. මං හිතන්නේ අපි තවම
ජීවිතය ගැන ඉගෙන ගන්නවා කියලා.
මේ දෙන්නා අලුත් ජීවිතය ආරම්භ කළේ පසුගිය අවුරුද්දේ අප්‍රේල් 4 වැනිදා. විවාහයේ පළමු
වර්ෂය ගැන අපි මේ අයගෙන් විමසුවා.
විවාහයේ පළමු වසර සමරන්න අපි තෝරා ගත්තේ කැලෑවක්. ශෂනි හරි ආසයි සොබාදහමේ නිසංසල බවට.
4 වැනිදාට යෙදුණු විවාහයේ වර්ෂ පූර්ණයයි. 6 වැනිදාට යෙදුණු උපන් දින සැමරුමයි දෙකම වෙනුවෙන් අපි කොළඹින් ඈත වන අරණක ගත කළා
මේ වන විට ධනංජය හා ශෂිනි තලවතුගොඩ තාවකාලික නිවහනක ජීවත් වෙමින් ඔවුන්ගේ අලුත් නිවහනේ ඉදිකිරීම් කටයුතු සිදු කරනවා. මේ නව යුවළ අලුත් අවුරුද්ද ගත කළේ දැනට පදිංචි වෙලා සිටින නිවහනේ. ඒ අලුත් අත්දැකීම ගැන ධනංජයයි ශෂිනියි කතා කළේ මේ විදියට.
අපේම නිවහනක පදිංචි වෙලා අපේ ජීවිතය අලුතින් පටන් ගන්න ඕනෑ. දැන් මේ ගෙදර ගෘහ මූලිකයා මම. ගෘහනිය ශෂිනි. ඉතින් අවුරුද්දට නැකතට කිරි උතුරවලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නියමාකාරයෙන් ඉටු කරන්නේ අපි දෙන්නගෙම අතින්
ධනංජයගේ නිවහනේ ගෘහනිය ශෂිනි ඒ කටයුතු ගැන කතා කළේ පුදුමාකාර තෘප්තියකින්.
අපේ අම්මි අවුරුදු සිරිත් විරිත් හරියටම කරන කෙනෙක්. මම ඒවා බලාගෙන ඉඳලා තියෙනවා. මම පංඥාංග ලිතක් අරගෙන ඒ නැකැත් වේලාවල් ගැන කලින්ම දැනුවත් වුණා......
මේ වන විට ධනංජයයි ශෂිනියි තමන්ගේම නිවහනක් හදන බව මුලින් කතා කළානේ. අපි ඒ ගැනත් මේ අයගෙන් විමසුවා.
අලුතින් ඉදිවන නිවහන සැලසුම් කරන්නේ කාගේ අවශ්‍යතා මතද?
අලුත් නිවස ගැන චිත්‍රය අඳින්නෙ මම. හැබැයි මෙයා ඇවිත් ඒ චිත්‍රය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඊට පස්සේ ක්‍රියාත්මක වන්නේ එයා අලුතින් නිර්මාණය කළ චිත්‍රය. හැබැයි මම ඒකට ඉඩදෙනවා. මොකද ඉතින් අලුතින් ඉදිවන නිවසෙ ගෘහනිය එයානේ......
ධනංජය එහෙම කියන්නේ ශෂිනි ගැන උතුරා යන ආදරයෙන්. ශෂිනිත් ඒ කතාවට හවුල් වුණේ සැහැල්ලු හිනාවකින් යුතුව.
මගේ තේරීම් හොඳ බව ධනංජය දන්නවා. මොකද ඉතින් ධනංජය කියන්නෙත් මගේ තෝරා ගැනීමක්නේ. ඒ හින්දා මගේ තේරීම්වලට එයා ඉඩ දෙනවා
මේ වසර අවසාන වන විට ශෂිනි තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙලා ජීවිත කාලයම ධනංජය එක්කම ගත කරන්න ලංකාවට එනවාලු. ඒ වන විට නිවස ඉදිකරල ඉවර කරන්න තමයි ධනංජය හිතන් ඉන්නේ. ඊට පස්සේ දෙන්නත් එක්ක අලුත් නිවහනේ පදිංචියට යනවාලු.
ඊට පස්සෙ ඉතින් ජීවිතයේ තවත් දේවල් ගැන හිතන්න ඕනා
ධනංජය කතා කළේ බලාපොරොත්තු පිරුණු හිතින්.
ආරියවංශ කුලතිලක
0 comments:
Post a Comment