පවුල් සමඟියට උපදෙස් දුන් මිතුරාගේ පවුලත් කැඩිලා


වයඹ පළාතේ පාසල් ගුරුවරියක වූ ඔහු තම බිරියත් සමග නිතර පැවැති ආරවුල් නිසා දිවි ගමන ගෙන ගියේ මහත් කලකිරීමකිනි.

විදුහලේ මාර්ගෝපදේශන ගුරුවරයා සමග මේ පිළිබඳව කතා කළ විට ඔහු මේ
ගැටලූවලට න්‍යායාත්මක මෙන්ම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් කීපයක් කියා දී ඒවා අත්හදා බලන ලෙස ඉල්ලීය. ඔහුගේ උපදේශන සාර්ථක විය. දැන් මේ දෙදෙනා කිරි පැණි වගේය. මේ සුහදතාවට මග පෙන්වූ තම හිතවතාගේ නිවෙස සොයා මේ දෙදෙනාම පසුගියදා ගියේ අවුරුදු තෑගි ද රැගෙනය. එහෙත් නිවසේ සිටියේ හිතවතා සහ ඔහුගේ දුව පමණකි. ”වයිෆ් අවුරුදු ගමනක් ගිහිං” කී ඔහු මුළුතැන් ගෙට ගියේ අමුත්තන්ට තේ හදන්නටය.

ඒ අතරතුර අමුත්තන් අසලට ආ දුව ”තාත්තා කීවේ බොරු හැමදාම අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා අද තාත්තා අම්මට ගැහුවා. අම්මා අඬාගෙන මහගෙදර ගියා.” කීවෙන් අමුත්තන් දෙදෙනාට තරු පෙනුණාලූ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment