
තම එළු පට්ටියෙහි එළුදෙනකගේ පාදයේ ඇති වූ තුවාලයක් නිසා එළු පට්ටි හිමිකාරිය විසින් එම එළුදෙනට කලිසමක් ඇන්දවීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගමක වෙසෙන ව්‍යාපාරික කාන්තාවකි. සතුන් කෙරෙහි ඉමහත් ලෙන්ගතුකමක් දක්වන ඇය තරමක් විශාල එළු පට්ටියක හිමිකාරියකි.
දිනක් ඇයගේ එළු පට්ටියේ සිටින ගැබ්බර එළුදෙනකගේ කකුල බල්ලෙක් සපා කෑමෙන් තුවාල විය. දින කිහිපයක් තිස්සේ එම තුවාලයට තමන් දන්නා තරම් ගොඩවෙදකම් කළත් පලක් නොවූ නිසා ඇය අවසානයේ ප්‍රදේශයේ පිහිටි පශු වෛද්‍ය කාර්යාලයක් වෙත ත්‍රිරෝද රියකින් එළුදෙන ගෙනගියේ නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමටය.
එළුදෙන පරීක්ෂා කළ පශු වෛද්‍යවරයා බෙහෙත් වර්ග කිහිපයක් දී උදේ හවස තුවාලයට දැමීම පිණිස එක්තරා කුඩු වර්ගයක් ද දුන්නේ ඒවා දැමීමෙන් අනතුරුව එළුදෙනට තුවාලය ලෙව කෑමට
එළුදෙන සමඟ ආපසු නිවෙසට පැමිණි හිමිකාරිය ඌට කන්නට දී කකුලේ තුවාලයට වෛද්‍යවරයා දුන් බෙහෙත් කුඩු දමා එතැන ලෙවකෑමට නොහැකි වන අයුරින් එළුදෙන ලණුවෙන් කොටකර කණුවක බැන්දාය.
බෙහෙත් කුඩු දැමීමෙන් පසු තුවාලයේ ඇති වූ වෙනසක් නිසා හෝ වෙනත් කරුණකට කොතරම් කොටකර බැන්ද නමුත් එළුදෙන තත්ත්පරයක් පුරාම තුවාලය ලෙවකෑමට උත්සාහ කරනු දුටු හිමිකාරිය එයට කුමක් කරන්නේදැයි දස අතේ කල්පනා කරමින් සිටින විට ඇයට කදිම අදහසක් පහළ විය.
වහා නිවෙස තුළට ගිය ඇය තම කුඩා පුතුගේ පරණ කලිසමක් සොයාගෙන විත් එළුදෙන බෑ බෑ කියද්දීම ඌට ඇන්දුවාය. ඉන්පසු එළුදෙන කොතරම් ලෙවකෑවත් උගේ දිවට ස්පර්ශ වන්නේ තුවාලය නොව කලිසම බැවින් හිමිකාරිය මහත් සැනසීමෙන් යුතුව දවසේ ඉතිරි වැඩවල නිරත වූවාය.
0 comments:
Post a Comment