
අයර්ලන්ත සමූහාණ්ඩුවේ සමලිංගික විවාහ නීතිගත කිරීමට පැවැත්වූ ජනමත විචාරණයේදී වැඩි ප්‍රතිශතයකින් ඊට අනුමැතිය හිමිවූ බව විදෙස් වාර්තා කියයි.
සමලිංගික කාන්තා හා පිරිමි විවාහ සඳහා එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 62%ක පමණ ප්‍රතිශතයක් කැමැත්ත පළ කරමින් සිය ඡන්දය භාවිතා කර තිබිණි.
සමලිංගික විවාහ නීතිගත කිරීමට ප්‍රසිද්ධ ජනමත විචාරණයක් පැවැත්වූ ලොව පළමු රට ලෙස අයර්ලන්තය ඉතිහාසගත වන බවද විදෙස් ප්‍රවෘත්ති සේවා පෙන්වා දෙයි.
අයර්ලන්ත අගමැති එන්ඩා කෙනී පැවසුවේ පුංචි රටක් සමානාත්මතාවය ගැන ලොකු පණිවිඩයක් ලෝකයට දුන් බවයි.
සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවට පත් කැර වසර 22 කට පසුව මෙම ජනමත විචාරණය පැවැත්විණි.

0 comments:
Post a Comment