
මසාජ් කිරීමට අවශ්‍ය දැයි විමසද්දී එය ප්‍රතික්ෂේප කළ චීන ජාතික කාන්තාවකට හලාවත අඹකඳවිල සංචාරක හෝටලයක කාමරයකදී ලිංගික හිංසනයක් කළේ යැයි කියන එහි සේවයේ
නියුතු සේවකයකු හලාවත පොලිසිය මඟින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන ඇත. 26 හැවිරිදි මෙම චීන කාන්තාව විවාහක අතර එරට හෙදියක් ලෙස සේවය කරන්නියකි. සම වයසේ මිතුරියන් දෙදෙනකු සමඟ ඉකුත් 13 වැනිදා මෙරටට පැමිණි ඔවුන් සීගිරිය පොළොන්නරුව, මහනුවර වැනි විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසු පෙරේදා (17දා) දහවල් 11ට කටුනායක ගුවන් තොටින් ආපසු සිය මවු රටට බලා යෑමට නියමිතව තිබිණි. හලාවත අඹකඳවිල පිහිටි මෙම හෝටලයට ඉකුත් 16 වැනිදා සවස 5.45ට පැමිණ පසුදින ගුවන් තොටුපොළ වෙත යෑමේ බලාපොරොත්තුවෙන් ඔවුන් එහි කාමර
තුනක ලැගුම් ගෙන ඇත. එදින පස්වරු 6.45ට පමණ කාමරයට පැමිණි කාමර සේවකයා මසාජ් කිරීමට අවශ්‍ය දැයි තමන්ගෙන් විමසූ බව එම කත පොලිසියට කියා ඇත. තමා අධික ලෙසින් විඩාවට පත්ව ඇති නිසා එවැනි අවශ්‍යතාවක් නැති බව කීවත් සේවකයා වහා පැන එම කාමරය තුළදීම තමන්ට ලිංගික හිංසනයක් කළ බවත් තමා කෑ ගැසූ විට ඔහු කාමරයෙන් පැන පලා ගිය බවත් පවසා ඇත.
0 comments:
Post a Comment