
රෑ 10-11 පනින විට පිටකොටුවේ පාරේ කාම ලෝකය පටන්ගනී. ඒ වෙලාව අල්ලා මම මිත‍්‍ර අතුලත් සමග පිටකොටුව අස්සේ රිංගුවෙමි. එම නිසා මේ ලිපියෙන් පුදුම හිතෙන කතා ගොඩක් ඔබ අතර මතුවනු ඇත. රාත‍්‍රියට පිටකොටුව හරහා ගමන් බිමන් යන ඔබේත්, ඔබ දන්නා අයගේත් ආරක්ෂාව පිණිස මේ වෑයම වැදගත් වනු ඇත. පිටකොටුවට - ගණිකාවත්, ගණිකාවට - පිටකොටුවත් එකිනෙක බද්ධවී ඇති සෙයකි. උදේ සිට රෑ එළිවන තුරුම, දවස් 365ම මේ වලංගු කතාවකි. මේ දැන් පිටකොටුවට ගියත් ඕනෑම වීදියක ගණිකාවන් ප‍්‍රසිද්ධියේ දැකගත හැකිය. මේ අය වීදි ගණිකාවෝය.
මහ දහවලේ පිටකො
ටුවට උරුම කංකරච්චලය රෑ 10-11 වෙනවිට නැත. තැඹිලි පාට ලයිට් එළිය අතරේ ප‍්‍රධාන පාරේ යන බස්රථ, වාහන කීපයක් හැරුණු කොට මිනිස් තදබදයක් නැත. ප‍්‍රධාන පදිකය හිස්ය. වෙළෙඳසල් වසා ඇත. මිනිස්සු යම් තරමකට හෝ රැුඳී සිටිනවා නම් ඒ ‘නයිට් කඩයක්’ ළඟ, ස්ටේසම හෝ බස් නැවතුම් හෝ අසලය. ‘නයිට් කඩයෙන්’ ස්ටේසමට, ස්ටේසමෙන් බස් නැවතුමට යන අය හැර වෙනත් ගමන් යන අය හමු නොවේ.

හැන්දෑවේ හතර - පහට එකම හිස් ගොඩක්වෙන පළමුවෙනි, දෙවනි හරස් වීදි පවා හුදෙකලා වූ පාරවල් බවට පත්වී ඇත. පළමුවැනි, දෙවැනි, හරස් වීදි අතර ඇති කුඩා අතුරු පාරවල් ‘‘කට්ට කළුවරේ’’ ගිලී ඇත. මහ දවාලේ පවා අඳුරේ ගිලූණු මේ අතුරු පාරවල් රාත‍්‍රියට සිඟන්නන්ගේ නවාතැන් පොළවල්ය.
බොහෝ විට පිටකොටුවේ සිඟන්නන් ලිංගිකව හැසිරෙන්නේ රාත‍්‍රියට අඳුරේ ගිලූණු මෙවැනි අතුරු පාරවලය. ඔවුන්ව සැකකරන්නට හෝ උන්වෙත පොලීසියෙන් කඩාපාත්වෙන්නට හෝ තරම් කාරණා නොමැත. දරු පැටවුන් නින්දට ගිය පසු බේබදු හිඟන ගෑනු, බේබදු පුරුෂයන් හා එළිමහනේ එකතුවේ. එය ඔවුන්ට අරුමයක් නැත. ඒ දකින කෙනෙකුට පුදුමයට කාරණයක්ද නොවේ. මානව අවශ්‍යතාවක් සම්පූර්ණ කර ගන්නට ගෙයක් දොරක් නැති, හෝටල් කාමරයකට වැද්ද නොගන්නා මොවුන් එය පාරේ කරනවා මිස විකල්පයක් නැත. ඒ නිසා දැක්කත් අහක බලාගෙන යනවා මිස කාටවත් කරන්නට දෙයක් නැත.
රෑ 10-11 පනින විට පිටකොටුවේ පාරේ කාම ලෝකය පටන්ගනී. ඒ වෙලාව අල්ලා මම මිත‍්‍ර අතුලත් සමග පිටකොටුව අස්සේ රිංගුවෙමි. එම නිසා මේ ලිපියෙන් පුදුම හිතෙන කතා ගොඩක් ඔබ අතර මතුවනු ඇත. රාත‍්‍රියට පිටකොටුව හරහා ගමන් බිමන් යන ඔබේත්, ඔබ දන්නා අයගේත් ආරක්ෂාව පිණිස මේ වෑයම වැදගත් වනු ඇත.
පිටකොටුවට - ගණිකාවත්, ගණිකාවට - පිටකොටුවත් එකිනෙක බද්ධවී ඇති සෙයකි. උදේ සිට රෑ එළිවන තුරුම, දවස් 365ම මේ වලංගු කතාවකි. මේ දැන් පිටකොටුවට ගියත් ඕනෑම වීදියක ගණිකාවන් ප‍්‍රසිද්ධියේ දැකගත හැකිය. මේ අය වීදි ගණිකාවෝය.
ලොකුවට, ලස්සනක් නැතත් අතේ කුඩයක් පමණක් එල්ලා, මුහුණේ පවුඩර් තවරා සිටින ඔවුහු අඟ පසඟ මතුවෙන ඩෙනිම් කලිසම් හෝ ඉතා කොට සායවල් ඇඳ සිටිති.
දුර ඈත සිට එන අයටත්, විදීවිල විනාඩි කීපයක් නැවතී සිටින තරුණයන්ටත් පිරිමින්ටත් මේ උකුසු ඇස යොමුවේ. විනාඩි හතර - පහක් යනවිට මෙකී මැනීම් අවසන් වෙයි. මේ පිරිමියා තමා සමග එකට ඉන්නවාද - නැද්ද යන්න වහා ඔවුහු ග‍්‍රහණය කර ගනිති.
විකිණෙන ගණන් කතාකර වහා පිටත් වෙති.
කාමයෙන් පිස්සු වැටුණු හෝ ගෙදර බිරිඳගෙන් සතුටක් නැති හෝ පිරිමින්ට පුංචි මුදලකින් පහසුවෙන් ගෑනියෙක් හිමිවෙන තැන පිටකොටුව හා මරදානයි. කොහේ හෝ කාමරයකට රිංගා, නැත්නම් තමන් ඉන්නා ‘ලයින් කාමරයකට’ රිංගා පිරිමියා ඉල්ලන සතුට උපරිමයෙන් දෙන්නට මේ ගණිකාවෝ සමත් වෙති. සතුට හරියට ලැබුණොත් සමහර පිරිමි ටෙලිෆෝන් නොම්බරයද ඉල්ලාගෙන සතියකට වරක් කොටුවට ඇදෙති.
අම්පාර, මොනරාගල, මැදවච්චිය, ගිරාඳුරුකෝට්ටේ මේ ආදී රටේ හතර දිග් භාගයෙන් ‘මේ වැඬේට’ පමණක් පිටකොටු එන මිනිස්සු සිටිති. මේ අස්සේ ඇතැම් පිරිමි ආපහු යන්නේ ඇඳිවතද අහිමි අය ලෙසිනි. ඒතරමට ඔවුන් ‘හින්දන්නට’ මේ ගණිකාවෝ සමත් වෙති. දවාලට වඩා රෑට මීට වෙනස් කතා පිටකොටුව අලලා ලිවිය හැකිය.
අතුලත් මමත් පිටකොටුවේ ලයිට් නැති අඳුරු තැනක් දෙකක් අතරින් ඇදුනෙමු. පිටකොටුවේ අඳුරු තැන් බොහෝ ඇති බව පසක් වෙන්නේ රෑ මැද පිටකොටු අහුමුලූ අස්සේ ගිය විටය.
කළුවර තැන්වල හතර පස්දෙනා එකතුවී සිටිනු අඳුර විනිවිද පෙනේ. ඒ අය මොනවා කරනවාද, මොනවා කතා වෙනවාද යන්න පැහැදිලි නැත. දැක ගැනීමට ළඟට යා යුතුය. නුපුරුදු කෙනෙකුට එය අවදානමකි. දවාලේ රෝද ගෙවෙනතුරු පිටකොටුව පුරා බඩු ඇද්ද කරත්ත තැන් තැන්වල ගාල්කර තිබේ. අතුල මා රැගෙන යන්නේ නිෂ්චිත සාක්ෂි පෙන්වා කතාවක් පටන්ගැනීමට විය යුතුය.
අපි වැඩිදුර ගියේ නැත. අඳුරු තැනක ස්ත‍්‍රියක හා පුරුෂයකු එළිමහනේ ඇසුරකි. අතුරු පාරක ශරීරයේ කොටසක් ඉතිරිය අඳුරේය. මොවුන්ගේ යහන කඩයක බිත්තිය, පත්තර හෝ තුවායක් එලූ මහපාර හෝ බඩු අදින ගාල් කළ කරත්තයකි.
මේ ගෑනු කසිප්පු හරි අරක්කු හරි බොනවා. තවත් ගෑනු කුඩු ගහනවා. මේ ගෑනුන්ට පවුලක් කියලා දෙයක් නෑ. හැබැයි තුන් වේලට කන්ඩ නැතත් කුඩු පැකට් ඕනේ. ඒ තරමට කුඩුවලට ඇබ්බැහි වෙලා. ඇයි? හොරකම් කරන්නද? මෙයාලට ලේසිම වැඬේ තමන් විකිණිලා හරි කුඩුවලට ගාණ හොයාගන්න එක. ඔය සිද්ධ වෙන්නේ ඒකයි.
අතුල කතාව අරඹයි.
‘කවුද මෙයාලගේ කස්ටමස්ලා....’ මම විමසීමි. ‘ඒක තමයි හොඳම කතාව... මේ හුඟක් ගෑනු දවල්ට මූණක් දිහා බලන්න බැරි තරම් විකෘතියි. කුඩු ගහලා, කසිප්පු බීලා ඇදිලා ගිහින්. සමහර ගෑනු හොඳට ඇඟපත තියෙනවා. අපේ සමහර පිරිමින්ටත් ගෑනියක් නම් ඒ ඇතිනේ. කෝච්චි අල්ලන්න එන දුර බස්වලට යන්න එන පිරිමි වෙලාව එනකම් කම්මැලිකමට පිටකොටුවෙ ඇවිදිනවා. සමහරු බීලා බමණ මතින් ඔහේ ඇවිදිනවා. මේ අය හරිම ලේසියෙන් ඔය ගෑනු අල්ලා ගන්නවා. සමහර ගෑනු ඉස්ටේසම ළඟ, බස් ස්ටෑන්ඞ් ළඟ, නයිට් කඩ ළඟ ගැවසෙනවා. බීලා ඉන්න පිරිමියෙක්ට කතා කරපු ගමන් එනවා. සමහර පිරිමි මෙයාලා එක්ක කාමරවලට රිංගන්න බයයි.
‘කාමරවලට බෑ. දුර යන්න බෑ’ සමහර පිරිමි ගත් කටටම කියනවා.
‘ දුර නෙවෙයි... පාර ළඟම ලයිට් නැති කළුවර තැනක්. බිත්තියකට මුවා වෙලා තියෙන්නේ’
‘කීයද’ පිරිමියා අහන වටිනාම ප‍්‍රශ්නෙ......
‘දෙසීයක්’ ගාණ ඇහුවම සමහරු උඩ යනවා. තරු පේනවා.
‘දෙසීයක් දෙසීයකට ගෑනියෙක්.
මේක පුදුම ලෝකයක්.
‘ඔව් දෙසීයයි.’ ගෑනි ටිකක් වෙරි මතින්ම කියනවා.
සාක්කුව අතගාලා බැලූවම දෙසීය මොකක්ද? ගෑනිගෙ ගාණ විතරයි. ඉතිරි දේවල් ගෑනි ළඟ තියෙනවා. කවුරුත් නොඑන කළුවර ‘පොට්’ එකක්....
ඔරලෝසුවෙ වෙලාව බලනවා.... රෑ 11.30යි. බස් එකට පැය දෙක තුනකුත් තියෙනවා.
සද්ද නැතුව අස්සකට රිංගනවා. දෙන්නටම හොඳටම වෙරි.
පිරිමියා සිගරැට් එකක් සාක්කුවෙන් ඇදලා ගන්නවා.
‘මටත් දීපන්’ ගෑනි තව සිගරැට් එකක් ඉල්ල ගන්නවා.
හැන්දෑවෙ හයට - හතට ටැප් එකකින් නාලා මූණෙ උලා ගත්තු මේකප් එක යාන්තමට ගෑනිට ලස්සනක් දීලා.
එතැනින් පස්සේ කට්ට කළුවරේ එළිමහනක සිද්ධ වෙන්නෙ සමහර ජෝඩු තරු පහේ හෝටල් කාමරයක ගන්න ආස්වාදයමයි.
මේක තමයි ලංකාවේ සමාජ මට්ටම් දෙකක් අතරේ පරතරය.
සමහර ගණිකාවන් දරු පවුල නඩත්තු කරන්න. තවත් ගණිකාවන් සැපට ජීවත් වෙන්න. පිටකොටුවේ මෙවැනි ගණිකාවන් කුඩු පැකට් එකට.
සමහර ගණිකාවන් තරු පහේ හෝටල්වලට බැහැලා රුපියල් 50,000 ට ලක්ෂයට දෙකට ඇඟ විකුණද්දි තවත් ගණිකාවන් දහ පහළොස් දාහට විකුණනවා. තවත් අය දෙතුන් දාහට, සමහරු පන්සීයට දාහට.
මේ අය අතරේ පිටකොටුවෙ මහ රෑ රුපියල් සීයට, දෙසීයට මධ්‍යම රැුයේ එකම වේලාවක ගණිකා සංස්කෘතිය විකිණී යන අපූරුව.
හැබැයි කතාව මීට වෙනස්. අපි මේ පටන් ගත්තා විතරයි. දහ පහළොස් දාහට ගණිකාව එක්ක ගියත් කාමරයක් නිසා ගමන ‘සේෆ්ටි’ (ආරක්ෂිතයි).
හැබැයි පිටකොටුවට මේ කතාව අදාළ නෑ. බීලා යන සමහර මහත්තුරුන්ට වෙනදේ එයාලට හිතාගන්නත් බෑ. මේ එක්ක යන ගෑනිගෙන්ම නෙවෙයි.
‘එහෙනම් කාගෙන්ද?’
ඉතිරිය ලබන සතියට
ඡායාරූප: සමන් විජය හෙම්මාතගම
0 comments:
Post a Comment