ජාත්‍යන්තර පාසල් සිසුවියගේ නිර්වත් පිංතූර facebook එකේ


අද කාලයේ ෆේස් බුක් නිසා පාසල් සිසුසිසුවියන්ගේ ඇවතුම් පැවතුම් පවා අසාමාන්‍ය වෙනස්කම්වලට ලක්ව ඇත. ඔවුන්
දෙමාපියන්ට පවා ගරු නොකරන සමාජය නුහුරු පිරිසක් ලෙස කටයුතු කරනු දක්නට ලැබේ.
වැල්ලවත්ත ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක ෆේස් බුක් ඔස්සේ මිතුරන් සමග නිරුවත් ඡායාරූප හුවමාරු කිරීමේ සිද්ධියක් හේතු කොට දෙමාපියන්ගෙන් පහරකෑමට ලක්ව තිබෙනවා.

පසුව මෙම පහරකෑම නිසා දෙමාපියන් සමග උරණවූ ඇය වැල්ලවත්ත පොලිසියට ගොස් තමාට දෙමාපියන් පහරදුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව කෝටිපති ව්‍යාපාරික යුවළක් වූ ඇගේ දෙමාපියන් අත්අඩංගුවට ගෙන පසුගියදා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඇගේ දෙමාපියන් එහිදී කියා සිටියේ තම දියණිය අධික ලෙස අන්තර්ජාලය හා ෆේස් බුක් පරිහරණයට ඇබ්බැහිවී සිටින බවත්, අධ්‍යාපන කටයුතු පවා මේ නිසා හරියාකාරව සිදු නොකරන බවත් ය.

ඇයගේ ඇවතුම් පැවතුම් සකස්කිරීමේ අටියෙන් නිවස ආසන්නයේ පදිංචිව සිටින ඇගේ සීයාගේ නිවසේ ඇයව නැවතූ බවත්, එහි සිටිය දී ඇය අන්තර්ජාලයෙන් නිදහස් නිසා වෙනස්වනු ඇතැයි කල්පනා කළත් ටික දිනක් ගොස් බලද්දී ඇය ඇගේ කාමරයේ හොරෙන් අන්තර්ජාලය ලබාගෙන නැවත පෙර පුරුද්දම කරගෙන යන ආකාරය දක්නට ලැබුණ බවත් ය.

තමන් විසින් සිය දියණිය ගැන වැඩිදුර පරීක්ෂා කිරීමේ දී නිල් චිත‍්‍රපටවල කොටස් හා නිරුවත් ඡායාරූප රාශියක් ඇයගේ ජංගම දුරකථනයේ තිබුණ බවත්, ඒවා ෆේස් බුක් මිතුරන් මාර්ගයෙන් ඇය හුවමාරු කරගත් බව කියූ බවත් දෙමාපියන් පවසා තිබෙනවා. 


මේ බව දැනගත් අවස්ථාවේ දී ඇය නොමග ගොස් ඇති ආකාරය දැක කේන්තියට පත්වූ බැවින් ඇයට පහරපිට පහර දුන් බව දෙමාපියන් උසාවියේ දී පවසා තිබෙනවා.

කෙසේ වෙතත් තමා කරේ වරදක් නොවන බව කියමින් මෙම පාසල් ශිෂ්‍යාව දෙමාපියන් තමන්ට පහරදීම ගැන විරුද්ධ වී ඇති අතර, නිවසින් පැන ගොස් දෙමාපියන්ට විරුද්ධව පැමිණිල්ලක් දැමීමට වැල්ලවත්ත පොලිසියට ගොස් තිබුණා.

ඇය සතුව අන්තර්ජාලයට යාම සඳහා භාවිත කළ ජංගම දුරකථන 10ක් තිබුණ බව ද පොලිසිය වාර්තා කළා.

අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ නියෝග කළේ ඇයගේ මානසික තත්වය ගැන වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසත් නැවත ඇයව සීයා භාරයටම පත් කරන ලෙසත් ය.

රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඇගේ දෙමාපියන් නිදහස් කෙරුණ අතර වැඩිදුර විභාගය ලබන 30 වනදා පවත්වන්නට නියමිත ය.



Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment