අයි එස් ත්‍රස්තයෝ තවත් ම්ලේච්ඡ වෙති

29E3B2C200000578-3135913-image-a-4_1435059855494[1]
ගල් ගැසීමෙන්, ඔවුන්ගේ ගෙල කැපීමෙන්,පුළුස්සා දැමීමෙන්,උස් ගොඩනැගිලි වලින් පහළට තල්ලූ කර දැමීමෙන් සිරකරුවන් මරා දමා ම්ලේච්ඡ ආශ්වාදයක් විදින අයි.එස්
අන්තවාදීන් තම ම්ලේච්ඡ ස්වභාවයන් අලූත් මානයකට ගෙන යමින් අලූත් ආකාර වලට සිරකරුවන් ඝාතනය කෙරෙනු දැක්වෙන දර්ශනයන් පෙළක් රැගත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබේ.
වීඩියෝව ආරම්භ වන්නේ යකඩ කූඩුවක සිරගත කර සිටිනා සිරකරුවන් ලෙස සැළකිය හැකි පුද්ගලයින් පස් දෙනෙකු එම කූඩුවත් සමග පිහිනුම් තටාකයකට පහත් කෙරෙන දර්ශනයකිනි. මුලින් සන්සුන්ව සිටියද කූඩුවට ජලය ගලා එන විට  එම පුද්ගලයින් කලබල වීමත්, ජීවිතය ඉල්ලා යැදීමත් එහි සටහන්ව ඇත. කූඩුව සම්පූර්ණයෙන්ම ගිල්වා විනාඩි කිහිපයකින් නැවත ගොඩට ගැනෙන අතර පුද්ගලයින් පස් දෙනාම එකා මත එකා වැටී නිසොල්මන්ව සිටිනු දැකගත හැකිය. ඔත්තු බැලීමට දෙන දඬුවම මෙය යැයි වීඩියෝව දිවෙන අතරේ පසුපසින් ඇසෙන හඬකින් පැවසයි.
දෙවැනි දර්ශනයේ සිටින්නේ මෝටර් රථයකට දමා සිරකර සිටින පුද්ගලයින් පිරිසකි. තමන්ට මොනවා වනු ඇත් දැයි ඔවුන් නොදන්නා බවක් පෙනේ. අනතුරුව කැමරාව යොමුවන්නේ ඈතින් සිටින ආර්.පී.ජී අවියක් අතින් ගත් අයි.එස් සාමාජිකයෙකු වෙතටය. ඒ සමඟම ඔහු ඉලක්කය ගෙන අවිය කි‍්‍රයාත්මක කරයි. උණ්ඩය වැදෙන මෝටර් රථය ගිනි ජාලාවකින් වැසී යන්නේ නිමේෂයකිනි.
තෙවැනි දර්ශනයේ සිටින්නේ පුපුරණ ද්‍රව්‍ය අන්තර්ගත කර ඇති බව කියන පටියක් ගෙල බැඳ සිටිනා සිරකරුවන් පිරිසකි. ඔවුන් පෝලිමට බිම දණගසාගෙන සිටීයි.පසුපසින් ඇසෙන කඩහඬ අණ දුන් වහාම අයි.එස්.සාමාජිකයෙක් ඩෙටනේටරය කි‍්‍රයාත්මක කරයි.
සිරකරුවන්ගේ ගෙල බැඳ ඇති පටි පුපුරා යන්නේ ඔවුන්ට දරුණු තුවාළත් සමඟ මරණය ද ගෙන දෙමිනි.
මෙම වීඩියෝව මුළු මහත් ලෝකයම ඉතාම පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබෙන අතර වෙනත් අන්තවාදී කණ්ඩායම් ද මෙයට විරෝධය පළකරමින් ප‍්‍රකාශයන් නිකුත් කර තිබේ. මිනිසෙකුට මෙතරම් දරුණු විය හැකිදැයි ඔවුන් සියලූ දෙනාම අසන පැනයයි.
තම බලය යටතේ පවතින ප‍්‍රදේශවල ජනතාව ම්ලේච්ඡත්වයෙන් බිය ගන්වා ගෙන, ඔවුන්ට තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් පවා සපුරාගැනීමට ඉඩ නොමැති අන්තවාදී පාලනයක් ගෙන ගියද අයි.එස්. අන්තවාදීන් නම් සියලූ සැප සම්පතින් පිරි දිවියක් ගත කරමින් සිටින බව පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා වලින් අනාවරණය කර තිබේ. තමන්ට අවනත නොවන කවරෙකු හෝ ඉතා දැඩිව මර්දනය කිරීමට ඔවුන් පසුබට නොවන බවද එම වාර්තාවන්ගේ සඳහන් විය.
අයි.එස්.අන්තවාදීන්ට එරෙහිව ප‍්‍රහාරයන් දිගින් දිගටම කි‍්‍රයාත්මක වුවත්, අයි.එස්. නායකයින් ඇතුලූ සාමාජිකයින් සිය ගණනින් ඒ ප‍්‍රහාර හමුවේ මරුමුවට පත්වන වාතාවරණයක් තිබියත් සංවිධානයේ සංවිධානාත්මක ශක්තිය හමුවේ එම ප‍්‍රහාර වලින් වැඩක් සිදුවන බවක් පෙනෙන්නට නැත. අහිමි වන සාමාජිකයින් වෙනුවෙන් තවත් දහස් ගණනක් සාමාජිකයින් බදවා ගැනීමේ හැකියාවක් අයි.එස්. සංවිධානයට තිබෙන අතර ඒ සඳහා ඔවුන් සමාජ ජාල වෙබ් අඩවි ආදිය ඉතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදාගනිමින් සිටී.
මේ නිසාම එවන් කටයුතු පිළිබඳව තොරතුරු ලබාදීමට එවන් වෙබ් අඩවි වල පරිපාලකයින් කටයුතු කළ යුතුව ඇතැයි මතයක් දැන් ඇතිව තිබේ.ඒ සදහා අවැසි නීති සම්පාදනය කිරිමේ කටයුතු වල ඇමරිකාව,බි‍්‍රතාන්‍යය ආදී රටවල් දැනටමත් යෙදී සිටී.
අයි.එස්.සංවිධානය බිද දැමිය හැක්කේ ඇසට ඇසක් යන න්‍යායෙන් නොව,සංවිධානාත්මකව,පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කෙරෙන මෙහෙයුම් වලින් බව ආරක්ෂක විශේෂඥයෝ පවසති.
29E3B4E700000578-3135913-image-a-20_1435060076406[1]

29E3B24D00000578-3135913-image-a-3_1435059852646[1]

29E3B1F500000578-3135913-image-a-2_1435059849509[1]

29E3B01400000578-3135913-image-a-6_1435059911886[1]

29E3B04500000578-3135913-image-a-8_1435059937009[1]

29E3B31400000578-3135913-image-a-5_1435059904411[1]



Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment