
ඕනම නවකථාවක රෝමියෝ ජුලියට්ලා ඉන්නවා. ඒ රෝමියෝ, ජුලියට්ලා අපේ ජීවිතවලත් කොයි තරම් ජීවත් වෙනවද? මම කියන්නේ ජීවිතේ නවකථාවක් කියලා නෙමෙයි. මෙන්න මේකයි ජීවිතේ, මේකයි ආදරේ, මේකයි නිදහස කියලා
පත්තර පිටුවක් ඇතුළේ අපට කථා කරන්න බැහැ. ඒකට සීමා මායිම් නැහැ. එදා වගේ ගෙදරට වෙලා, දරුවො බලාගෙන, ස්වාමියාගේ වහලියක් වෙන්න අද තරුණියන් බිහිවෙන්නේ නැහැ. මේ නිසා ගේ ඇතුළේ කොටුකරලා සුකුරුත්තන් ආයිත්තම් සෙල්ලම් බඩුවක් වගේ හදන ගැහැණු ළමයෙකුට වඩා ජීවිතේ දුක පුරුදු කරලා, පොත පතේ අධ්‍යාපනයට වඩා සමාජ අධ්‍යාපනය ගෙදරින් දෙනවානම් අද පරිවාස, ළමා නිවාසවල මේ තරුණ ජීවිත විඳවන්නේ නැහැ.මේ ඇහෙන අවනඩු අතර දිල්මිගේ කථාවත් මේ ඉර හඳ යට සිද්ධ වුණු සත්‍ය සිදුවීමක්.
‘‘මම මගේ කථාව කියන්නම්, හැබැයි මම කොහේද, කාගේ කවුද කියලා නම් ලියන්න එපා. මගේ අම්මටයි, අප්පච්චිටයි, අක්කටයි මේ මම නෙමෙයි කියලා නොදැනෙන්න ලියන්න’’
‘‘මගේ අප්පච්චි පොලීසියට සම්බන්ධ උසස් නිලධාරියෙක්. අම්මා රැකියාවක් කළත් පසු කාලීනව අක්කයි, මමයි නිසා අම්මා රැුකියාවෙන් ඉවත් වුණා. පුංචි කාලේ ඉඳලම මම හැදුණේ වැඩුණේ සැප පහසුකම් මද්දේ. කිසිම දේකින් අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ. අම්මයි, අප්පච්චියි හරිම සැරයි, අප්පච්චිට වඩා ගොඩාක් නපුරු වුණේ අම්මා. චූටි කාලේ ඉඳලා අක්කයි, මමයි දෙන්නම හැඳුණේ ගේ ඇතුළෙමයි. අම්මා කොහේටවත් යන්න දුන්නේ නැහැ. අඩුම තරමේ ආච්චි, සීයාලගේ ගෙදරවත් අපට යන්න දුන්නේ නැහැ. අපි කොළඹ නිසා ගමේ යන්නේ හරිම අඩුවෙන්. ඒ ගියත් උපරිම එක දවසයි. අම්මා, අප්පච්චිටත් බැණලා රණ්ඩු වෙනවා.’’
දිල්මිගේ ගෙදර පරිසරය හැදුණේ ඔන්න ඔය විදිහට. දිල්මිගේ අම්මා සුනේත‍්‍රා දරුවො දෙන්නා චූටි කාලේ ඉඳලම ඇහැක් වගේ රැුකගත්තා. දියණිවරුන් දෙන්නෙක් නිසා ලොකු වගකීමක් කියන හැඟීම ඇගේ සිත තුළ තිබුණා. ඒ වගකීම වගේම දියණියන් දෙදෙනා ගැන ලොකු බලාපොරොත්තු රාශියකුත් ඇයට තිබුණා. දිල්මිගේ තාත්තා පොලිස් සේවයට සම්බන්ධ නිලධාරියෙක් නිසා ගෙදර රැුදුණු කාලය ගොඩක් අඩු වුණා. මේ නිසා යම් යම් අවස්ථාවල පියාගේ රැුකවරණයත් ඇයගෙන්ම ඉටු වුණු අවස්ථා බොහොමයි. ඇයගේ සැර පරුෂ බව යම් හේතු කාරණා සමඟ නිවැරදි ලෙස දකින්නත් පුළුවන් අවස්ථා නැතුවාම නෙමෙයි. දරුවො හැමදාම පුංචියට ඉන්නේ නැහැ. දිල්මි සහ ඇගේ වැඩිමහල් සහෝදරිය ටිකෙන් ටික මේ පියමනින්නේ හිරිමල් වියට කියලා සුනේත‍්‍රා බලා සිටියේ හැම මවකගේම හිතේ දැල්වෙන කුළුදුල් බලාපොරොත්තුවත් එක්ක.

වැඩිමහල් සහෝදරියට පෙර දිල්මි වැඩිවියට පත්වෙනකොට ඇයට අවුරුදු දොළහයි. නොතේරුම් අවධියක දිල්මි වැඩිවියට පත්වීමත් එක්ක සුනේත‍්‍රාගේ හිස මතට විශාල බරක් පැටවුණා. ඇය වැඩිවියට පත්වෙලා හරියටම වසරයි, ඇගේ වැඩිමහල් සොයුරිය වැඩිවියට පත් විමත් එක්ක සුනේත‍්‍රා දියණියන් දෙපළ උපරිමයෙන්ම ආරක්‍ෂා කරනවා. වැඩිවියට පත් වීමත් එක්ක දිල්මිටත් ඇගේ වැඩිමහල් සහෝදරියටත් ගෙදර පරිසරයේ අත් විඳපු නිදහස සීමා වෙන්නේ හරිම ඛේදනීය විදිහට. ගෙදර පරිසරයත් එක්ක පීඩනයෙන් ජීවත් වෙන දිල්මිගේ මේ අවනඩුවේ පටන් ගැන්ම සිද්ධ වෙන්නේ නිවසෙන්මයි.
‘‘වැඩිවියට පත් වුණාට පස්සෙම නෙමෙයි. පුංචි කාලෙදිවත් යාළුවෙක් ආශ‍්‍රය කරන්න, නෑදෑ ගෙදරක යන්න, ආස පොතක් කියවන්න, ආස චිත‍්‍රපටියක් බලන්න අපට නිදහසක් තිබුණේ නැහැ. වැඩිවියට පත්වීමත් එක්ක මේ දේවල් තවත් හිර වුණා. අක්කගේ පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. ඒක අම්මට අහුවුණ වෙලාවේ අම්මා අක්කට ගහපු විදිහ මතක් වෙනකොට අදටත් මම මානසිකව විඳවනවා. අපි ඉන්ටර්නෙට්, ෆේස්බුක් ගියේ හොරෙන්. අක්කගේ පේ‍්‍රම සම්බන්ධ අහුවුණාට පස්සේ අම්මා අක්කගෙ පස්සෙන්ම හිටියා. කොටින්ම අක්කා ජීවත් වුණේ හිරකාරියක් වගේ.’’
‘‘මම ගෙදර බාලයා නිසා අම්මා මං ගැන ලොකු තැකීමක් කළේ නැහැ. මම ජීවිතේ ඉන්න ආස තැනම වුණේ ටියුෂන් ක්ලාස් එකයි, ඉස්කෝලෙයි. අම්මා ඒ තැන් දෙකට විතරයි ආවේ නැත්තේ. අපි දෙයක් ඉල්ලූවත් අම්මට හොරෙන් තමයි අප්පච්චිගෙන් ඉල්ලන්නේ. මට අප්පච්චි උපන්දිනේට ෆෝන් එකක් අරන් දුන්නා කියලා අම්මා අප්පච්චිත් එක්ක ගොඩක් රංඩු වුණා. ඔහොම ඉන්නකොට ඉන්දික අයියා මුණ ගැහෙන්නේ ටියුෂන් ක්ලාස් එකේදි. ඉන්දික අයියා මම ටියුෂන් ගිය සර්ගේ සහයක විදිහට වැඩ කළා. ගොඩක් දවස්වලට එයා මගෙන් ටියුෂන් ක්ලාස් එකට මුදල් ගත්තේ නැහැ. ඒ විදිහට පුංචි හිතවත්කමක් ඇති වුණා. පස්සේ පස්සේ ෆෝන් එකෙන් කථා බහ කළා. මුණ ගැහෙන්න වුවමනාව තිබුණත් ගෙදර පරිසරය කියලා තිබුණ නිසා ඉන්දික අයියා මට කරදර කළේ නැහැ. මොකද එයා දකිනවා අම්මා මාව ක්ලාස් එක ළඟින් බස්සලා යනවා.’’
‘‘පුංචි හිතවත්කම දිගින් දිගටම කථා කරද්දි ආදරේකට පෙරළුණත් අක්කා විඳපු දුක මටත් විඳින්න වේවි කියලා මට මුලදි ගොඩක් බය හිතුණා’’
දිල්මිට ඉන්දිකගේ ආදරේ දැනුණත් ඇය එකවරම ඒ හැඟීමට ඉඩ දෙන්න බය වුණා. මන්ද, ඇගේ වැඩිමහල් සහෝදරියගේ පේ‍්‍රම සම්බන්ධය නිසා අම්මා ක‍්‍රියා කළ ආකාරය නිසා. ඒත් හිත කියන දේ අල්ලලා නතර කරන්න බැහැ. දිල්මි ඉන්දිකට ආදරය කළා. ඒත් මේක ආදරයක්ද රාගයක්ද කියන්න දිල්මි දන්නේ නැහැ. ඒත් අද ඇය දන්නවා ඒක ආදරයක් නෙමෙයි රාගයක් කියලා. ඒත් ඒ දේ වැටහෙනකොට ඇගේ ජීවිතේ අගාධයට ඇද වැටිලා හමාරයි.
ඇය ඉන්දිකව මුණ ගැහෙන්න යන්න දෙවරක් හිතුවෙ නැහැ. ඊට අවස්ථාවක් තමයි ඇය සෙව්වේ. ඒ අවස්ථාව උදාවෙන්නේ දිල්මිවත් නොසිතපු වෙලාවක.
ඇයගේ මව හදිසියේම රෝගාතූර වීම නිසා දිල්මිගේ වගකීම පැවරෙන්නේ වැඩිමහල් සහෝදරියට. එදා තම වැඩිමහල් සහෝදරිය ටියුෂන් පන්තියට තම නැගණියව භාර කරලා නැවත නිවස කරා එන්නේ පන්තිය හමාර වෙන වෙලාවට නැවත යාමේ අදිටනින්. දිල්මි දෙවරක් නොසිතාම ටියුෂන් පන්ති මාර්ගය වෙනස් කොට වෙනත් මාර්ගයකට හැරුණේ ඉන්දික මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන්. හමුවුණ මුල්ම දවස ඉන්දික ඇයට කළ ඇරියුමට හිස නමන්න දිල්මි දෙවරක් හිතුවෙ නැහැ.
‘‘මෙහෙම කථා කරන්න බැහැ, ගෙදරට ආරංචි වුණොත් ඔයාලගේ අම්මා ඔයාවයි මාවයි දෙන්නවම මරයි’’
‘‘අපි නිදහසේ කථා කරන්න පුළුවන් තැනකට යමුද?’’
දිල්මි ඉන්දික හමු වූ පළමු පැයේදීම ඉන්දිකගේ ඇරියුමට ප‍්‍රතිචාර දැක්වූයේ සුබවාදීවය.
‘‘මට ඉන්දික අයියා අවිශ්වාස කරන්න තරම් හේතුවක් තිබුණේ නැහැ. එයා මට නිතරම කිව්වේ හැම කොල්ලෙක්ම එක වගේ නැහැ. එයා ගැන අවිශ්වාසයක් තියෙනවානම් එයාගෙන් අයින් වෙන්න කියලා. ඒ තරම් දේවල් කියද්දි මම කොහොමද එයා මට බොරුවක් කරනවා කියලා හිතන්නේ. මම ඉන්දික අයියව ගොඩක් විශ්වාස කළා.’’
මුණ ගැහුණු පළමු දවසේම ඇය ඇගේ ගරුත්වය ඉන්දික ඉදිරියේ පූජා කළා. ඇයට ඕනැ වුණේ ඇයට ඉන්දිකව විශ්වාසයි කියලා ඉන්දික ඉදිරියේ ඔප්පු කරන්න. හැම කෙනෙක්ම බලන්නේ දෙයක් වුවමනා නම් හොඳින් හෝ නරකින් හෝ ඒ දේ තමන්ගේ කරගන්න. ඉන්දිකත් ඒ චරිත අතර එක්කෙනෙක්. විශ්වාසයයි, ගැහැණු ළමයෙකුගේ ආත්ම ගරුත්වයයි කියන්නේ දෙකක්. තමන්ගේ පේ‍්‍රමවන්තයට විශ්වාසවන්තභාවය ඔප්පු කරන්න ගරුත්වය පූජා කරන ආදරේ ඔයාගේ ජීවිතේ වැරදුණාට පස්සේ එදාට ඔය විශ්වාසවන්තයෝ කවුරුත් නැහැ. තමන්ට තමන් විතරයි.
මාස ගණනාවක්ම ඉන්දිකත්, දිල්මිත් මේ ආකාරයට ලැඟුම්හල් තුළ මුණ ගැසුණා. සුනේත‍්‍රා දිල්මිට කොයි තරම් රැකවල් දැම්මත් ඒ කඩුලූ පනින්න තරම් ඇය සූක්‍ෂම වුණා.
‘‘ඔය අතරතුර ඉන්දික අයියයි, මමයි අතර පුංචි පුංචි රංඩු ඇති වුණා. එයාට සතියට දවස් දෙක තුනක් මාව මුණ ගැහෙන්න ඕනැ. ඒත් මට ගෙදරට හොරෙන් පැන ගන්න බැහැ. පස්සේ පස්සේ එයා මාව තේරුම් ගන්නේ නැති තත්ත්වෙට පත් වුණා. ඔහොම ඉන්න කොට මගේ ඇඟට යම් යම් අපහසුතා දැනුණා. මම ඒත් ගණන් ගත්තේ නැහැ. මට පාසල් ගමන එපා වුණා. අම්මට පුංචි වෙනසක් වුණත් දැනෙනවා. අම්මා මට බෙහෙත් ගන්න යන්න පෙරැුත්ත කළත් මම උනන්දු වුණේ නැහැ. ඉන්දික අයියා මාව අතාරින්න හදනවා කියලා මගේ හිතට නිතර දැනුණා. මම ඒ ගැන හිත හිත හරියට ඇඬුවා. ඒ වෙනකොට මම පේ‍්‍රග්නට් වෙලා කියලා දැනන් හිටියෙ නැහැ. ඒත්....’’
ඇගේ දෑසින් කඳුළු කඩා වැටෙද්දි තව දුරටත් ඇගේ අවනඩුව අහන්න සිත් දුන්නේ නැහැ. සියල්ල ඔය විදිහට සිද්ධ වෙද්දි මවගේ අතට ඇගේ වෛද්‍ය වාර්තා පත් වෙනවා. ඒ ඇසුරින් හෙළි වෙන්නේ ඇය මාස තුනක ගැබිනියක් කියලා.
ඇහැක් වගේ රැකපු දියණිය මේ තරම් අපරාධයක් කරගත්තේ කොහොමද කියලා උසාවි භූමියේ සුනේත‍්‍රා හඬා වැටෙද්දි දිල්මිව භාර වුණේ පරිවාසයට.
මව්පියො කියන්නේ සමාජයේ අද්දැකීම්වලින් පරිණත වුණ අය. ඒ අය අද්දැකීම් අරගෙන, ඒ අවධි පසු කරලා, දරුවන්ගේ නිදහස සීමා කරනවානම්, දිල්මිගේ මවට දැනුණු වේදනාව හෙට තවත් මවකගේ සිතේ දැවෙන්න පුළුවන්. දිල්මිගේ ජීවිතේ අගාධයට වැටෙන්නට ප‍්‍රධාන හේතුව ගෙදර පරිසරය. මව ඇයට දෙන පීඩනය. ඒ නිසාම තමයි ඇය ලැබුණ පුංචි නිදහසෙන් පිට ආදරේ සොයා ගෙන ගියේ. ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ, ඒ අවධියට සමාජය අත්විඳින්න, අත්දකින්න, අවස්ථාව දිය යුතුයි.
නම් ගම් මනඃකල්පිතයි.
poor girl
ReplyDelete-------------------------------------------------
Watch hot videos - www.xxnx.xyz