පිටස්තර වස්තුවක් දකුණු මුහුදු තීරයට කඩා වැටෙයි


තප්පරයට කිලෝමීටර 11ක වේගයෙක් ලංකාවේ දකුණු මුහුදු තීරයට වැටෙන්න යන අකාශ වස්තුව වීඩියෝ ගත කිරීමට සූදානම් බව මෙරට බකිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ
අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියා සිටී.
 කුමන අයුරකින් හෝ මේ සිද්ධිය රූපගත කිරීමට හැකිවුණොත් අපිට වගේම විද්‍යාඥයන්ට එය අතිශය වැදගත්. මොකද ඉදිරි පරීක්ෂණ කටයුතු කරන්න වෙන්නේ ඒ වැටෙන කොටසක් හෝ සොයාගත්තොත් පමණයි. පසුගිය කාලය පුරා අපේ රටේ විවිධ සිදුවීම් ඇතිවුණා. උල්කාපාත කඩා වැටීම්, රතු වැසි ඒකට හොඳම උදාහරණයි.
1979දී ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළට චන්ද්‍රිකාවක කොටසක් කඩා වැටෙනවා කියලා අනුමාන කළා. නමුත් ඒක වැටුණේ ඔස්ට්‍රේලියානු මුහුදු තීරයට. 1997දී ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට රාත්තල් 570ක් බරින් යුත් අභ්‍යවකාශ ඉන්ධන ටැංකියක් කඩා වැටුණා. 13න් වෙනිදා දකුණු මුහුදු තීරයට වැටෙන වස්තුව අපේ රටට මෙන්ම විදෙස් රටවල්වලට ඉතා වැදගත් නිරීක්ෂණයක් යැයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පවසයි.
මේ අතර WT1190F ආකාශ වස්තුව නිරීක්ෂණයට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයත් සුදානම් බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
එම නිවේදනය වැඩිදුරටත් මෙසේ සදහන් වේ. අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක කැබැල්ලක් නොවැම්බර් 13 වෙනි සිකුරාදා දවල් 11.45ට පමණ ශ්‍රී ලංකාවෙහි දකුණු මුහුදු වෙරළෙහි සිට සැතපුම් 62ක් පමණ දුරින් මුහුදට වැටෙන බව සොයාගෙන තිබෙනවා.
මෙම ආකාශ වස්තුව මිනිසා විසින් යවන ලද රොකට්ටුවක කොටසක් සමහරක් විට මෙය 1960,70 ගනන් වල හඳට යවන ලද ඇපලෝ යානයක කොටසක් වෙන්න පුළුවන් කියලත් විශ්වාස කරනවා.
මෙහි ප්‍රමාණය මීටර දෙකක් පමණල  එනම් අඩි 6 ,5ක් පමණ වන අතර මේ රොකට් කැබැල්ල නිරීක්ෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝකයකින් මුහුදට වැටෙයි කියලා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියෙහි පෘථිවියට ආසන්න ආකාශ වස්තූන් අධ්‍යයනය කරන මධ්‍යස්ථානය පවසනවා.
මෙයින් වැඩි කොටසක් පෘථිවි වායුගෝලයේදී දැවී යන අතර ඉතිරි කොටසයි මුහුදට වැටෙන්නේ. ඒත් සමහරක් විට පෘථිවියට වැටෙන්න පෙර  සම්පූර්ණයෙන්ම දැවී අවසන් වන්නත් පුළුවන්.
මෙය ස්වාභාවික ආකාශ වස්තුවක් නොවේල රොකට්ටුවක කොටසක් කියල මෙම මධ්‍යස්ථානය තහවුරු කළේ මෙහි ගමන් වේගය අධ්‍යයනය කිරීමෙන් එහි ඝනත්වය අනුවයිග විද්‍යාඥයින්ට මෙවැනි ආකාශ වස්තුවක් පෘථිවි වායු‍ගෝලය සමඟ ගැටීම අධ්‍යයනය කිරීමට ලැබුණු හොඳ අවස්ථාවක්.
ඉතාමත් කුඩා ප්‍රමාණයේ ආකාශ වස්තුන් ලක්ෂ 05 කටත් වඩා අභ්‍යවකාශයෙහි තිබෙනවාග  ඒ වගේම අඟල් 4 කට වඩා වැඩි ප්‍රමාණයේ  ආකාශ වස්තුන් 20,000 ක් පමණ නාසා ආයතනය අභ්‍යවකාශයෙහි නිරීක්ෂණයට හසු කරගෙන තිබෙනවා.
මෙවැනි ආකාශ වස්තුන් වල වේගය පැයට සැතපුම් 17,500 ක් හෝ ඊට වැඩියි. මේ වේගයෙන් යන ඉතාමත් කුඩා  ආකාශ වස්තුවකට වුනත් අභ්‍යවකාශ යානාවක් හෝ චන්ද්‍රිකාවක් පලුදු කිරීමට පුළුවන්.
අභ්‍යවකාශ යානා වලට සහ විශේෂයෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මෙවැනි තර්ජන වලින් ගැලවෙන්නේ කොහොමද කියල නාසා ආයතනය නිරතුරුවම පරීක්‍ෂණ කරනවා.
WT1190F ලෙස නම්කර ඇති මෙම ආකාශ වස්තුව තංගල්ල ප්‍රදේශයෙහි සිට නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සුදානම් වෙනවා. 
මෙය නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවානම්  නියමිත වේලාවට පැය දෙක තුනක කාල පරාසයකට සිට නිරීක්‍ෂණය කිරීම වඩාත් සුදුසුය.  ඒ කියන්නේ දවල් 10.00 සිට 12.30 දක්වා කාලයයි.
මේ අතර අද සහ හෙට දෙවුන්දරට ආසන්න මුහුදු කලාපය ගුවන් මුක්ත සහ ධීවර කටයුතුවලින් බැහැර කලාපයක් ලෙස නම් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සහ  ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ධීවරයින්ට දැනුම් දී තිබේ.
අභ්‍යාවකාශ යානාවක කොටසක් සිකුරාදා දකුණු මුහුදු තීරයට කඩා වැටෙන බැවින් එදින මෙම ප්‍රදේශයේ ගුවන් ගමන් කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ගුවන් සේවා සමාගම් වෙත දැනුම් දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ද සනාථ කළේය.
හෙට පෙරවරු 11.50ට පමණ මෙම කොටස දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර් 65ක් ඈත මුහුදට වැටෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
මේ පිළිබඳව දැනටමත් රේඩියෝ සංඥා මාර්ගයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ද සදහන්.
ඒ අනුව 13 වෙනිදා උදෑසන 10.50 සිට පස්වරු 12.50 දක්වා එම ප‍්‍රදේශයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙස ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Podi help ekak illanne,me blog eka karana ekkenawa mata contact karaganna puluwanda poddak, aulakata nemei podi help ekakata,0773674370 (viber, what's app)tharaka nayanajith - fb

    ReplyDelete