
අවුරුදු 40 ක් වයසැති කාන්තාවක් සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය 22 හැවිරිදි තරුණයෙකුට ලැබුණු අපූරු දඩුවමක් ගැන පස්යාල පැත්තෙන් අහන්න ලැබුණා. කාලයක් පටන් පවත්වාගෙන ගොස් ඇති මෙම සබඳතාව පසුගිය දිනක එම කාන්තාවගේ සැමියාට හසුවී තිබෙනවා.
සැමියා නිවසේ නැති අතරේ අදාල තරුණයාව නිවසට ගෙන්වාගෙන යහන්ගතවූ අවස්ථාවේදී රැකියාව සඳහා පිටත්වූ සැමියා වෙනදාට කළින් නිවසට පැමිණ තිබෙනවා.
තම නිවසේ දොර වසා තිබියදීත් යතුරුපැදියක් නිවස ඉදිරිපිට නවතා තිබෙනු දැකගත් සැමියා විමිසිලිමත්වී තිබෙනවා.
ඒ අනුව පිටුපස දොරෙන් නිවසට ඇතුල්වූ අවස්ථාවේදී ඔහු දැක ඇත්තේ තම බිරිඳ තරුණයෙකු සමග යහන්ගතවී සිටින අයුරුයි.
කෝපයට පත් සැමියා තම බිරිඳට හා තරුණයාට පහරදී තිබෙනවා.
පහරදීම්වලින් තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයා වැදවැටී ඉල්ලා ඇත්තේ තමාට සමාව දෙන ලෙසයි.
කෙසේ වුවත් කෑකෝ ගසමින් ඇතිවූ මේ ආරවුල අසල්වාසීන්ටද ඇසී පැමිණ තිබෙනවා.
මෙම ලාබාල තරුණයා ගසක බැඳ පහරදීමෙන් අනතුරුව ඔහුගේ දෙමව්පියන්ද ගෙන්වා ඔහුව මුදාහැරඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
0 comments:
Post a Comment