මිරිස් කරලෙන් හොරේ අල්ලා බිරිය තරුණයකුට දන් දීලා


වියළි මිරිස් කරල් කිහිපයක උපායකින් තම බිරියගේ සොර සැමියා අතටම අල්ලාගෙන බිරිය සමඟ සොර සැමියාද බිරියගේ මවුපියන්ට බාරදුන්  පුද්ගලයකු පිළිබඳව කන්ද උඩරට
ගම්මානයකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

ඔහු මැදිවියේ පසුවන වෘත්තියෙන් පෙදරේරුවකු ලෙස සේවය කරන අයෙකු වන අතර තවමත් දරු මල්ලන් නොමැති ඔහුගේ බිරියද මැදි වයසේම පසුවුවත් ඇයට ඇත්තේ තරුණ පෙනුමකි.

වෘත්තියේ ඇති මනා නිපුනතාව නිසාම ඔහුට දුර බැහැර ප්‍රදේශවල පවා වැඩ ලැබුණු අතර එවැනි අවස්ථාවල ඔහු දින තුනක් අනිවාර්යයෙන් නැවතී වැඩකර යළි පැමිණීම සිරිතක් කොට ගෙන සිටියේය.

මේ අතර ඇය නිවෙස ආසන්නයේ සිටි තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගත්තේ සැමියාගේ දින තුනේ නිවාඩුවද ප්‍රයෝජනයට ගනිමිනි.

ඒ පිළිබඳව ඔහුටද කනින් කොණින් ආරංචි වුවද එය සත්‍යයක් බවට පසක් කරගත් පසු එදිනත් ඔහු දුර බැහැර වැඩකට යන මුවාවෙන් නිවසින් පිටව ගියේ තම බිරියට ද කිසිදු සැකයක් නොසිතෙන පරිදිය.

එසේ ගිය ඔහු හදිස්සියේ දෙවැනි දින රාත්‍රියේ නිවසට පැමිණ ඇත්තේ ඇගේ මවුපියන් හා ඇගේම සොයුරන් දෙදෙනෙකුද සමගිනි.
එසේ පැමිණි ඔහු ඇය නිවෙසින් එළියට කැඳවා තම අතෙහි වූ වියළි මිරිස් කරල් කිහිපයක් නිවසේ සාලයේ ගිනි තබා නැවත එළියට පැමිණ ඔවුන් සමග සුහද කතා බහක නිරතව සිටීමටද අමතක නොකළේය.

තවත් සුළු මොහොතකින් මිරිස් දුම වැදී කහිමින් හා කිවිසුම් අරිමින් එසේ ඇය සමග නිවසේ සිටි අසල්වැසි තරුණයාට එළියට පැමිණීමට සිදුවූ අතර කිසිදු ආරවුලක් ඇති කර නොගත් ඔහු තවදුරටත් ඇය සමග දීග කෑමට නොහැකි බව පවසා එම තරුණයා සමග ඇයද ඇගේ මව්පියන්ට බාර කළේය.

ඉන්ද නොනැවතුනු ඔහු ඒ පිළිබඳව ඇගේ දෙමාපියන්ට පසු දිනම තමා සමග පොලිසියට පැමිණ පැමිණිල්ලක් කිරීමට එන ලෙසට සුහදව ඇරියුම් කිරීමටද අමතක නොකළේය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment