සමූහ දූෂණයකට ලක්වී වන්නියේදී දැරියක් මරුට
වන්නියේදී දැරියක සමූහ දූෂණයකට ලක්වී මියගියේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වන ලෙස ළමා කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය, වවුනියාව
භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ කරදනායගම්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ.
පරීක්ෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු ලබාදෙන ලෙසටද අමාත්‍යවරිය උපදෙස් දී ඇත. මේ අතර අදාළ පරීක්ෂණවලට සහය දීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන් එම ප්‍රදේශයට යවන ලෙස අධිකාරියේ සභාපතිවරියටද අමාත්‍යවරිය විසින් උපදෙස් දී තිබේ.
එමෙන්ම දැරිය වාසය කළ නිවසේ ජීවත් වූ මිත්තණිය හා අනෙක් දරුවන්ට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍යතා සැපයීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසද අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය විසින් අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.
0 comments:
Post a Comment